ප්‍රේමය නම්❤ | Premaya Nam
❤ප්‍රේමය නම්❤
අපි හමුනොවුනාම්....ලොසෝ ගිනි මැද දැවෙන්නට ඉඩ නොතිබුනා වෙන්නට ඇති...තම දින පොතෙ අවසන් පිටුවේ සටහන් කල සමාරා උපතින්ම කලාකරිනියක්.. කතාවට කියන්නේ ආදරය මිනිස්සු කලාකරුවො කරනවා කියලා ...හැබැයි මගේ කතවේ කලාකාමී මගේ හදවත නිහඩ කරලයි නැවතුනේ...😔
මට මතකයි ඔයාගේ ඔය ලස්සන ඇස් මගේ ලග නතර උන ඒ ලස්සන දවස...උද්‍යානේ එක කෙලවරක නතර උන එදා අපේ ප්‍රේමය කොයි තරම් නම් සුන්දරද.....
සමා...ම්ම්ම්ම් ...මට ජිවිත කාලෙම ඔයා එක්ක මෙම ඉන්න තියනවනම්...සාගර ඔහුගේ රලු පපුවට මාව ලන් කරගත්තේ පිරිමි පපුවෙ සියුම් බව ඔහුගේ හද ගැස්ම එක්ක මුසු කරලා මට රිසි සේ විදින්නට ඉඩ දීලා....හැම ආදරයම අසුන්දර නෑ.. ආදරයත් එක්තරා කලාවක්...අපි ලස්සනට ජිවිතේ ගෙව්වා..ආදරේ වින්දා...පුන්චි රන්ඩු සරුවල් මැද අපේ ප්‍රේමය තවත් ශක්තිමත් උනා...
එදා 2018.01.16 මට අදටත් මතකයි දෙමාපියන් නැදැයෝ හැමොම මැද මම ඔයාගේ පතිනිය උනා...අපි කොච්වර ආදරෙන් හිටියද....එතනින් පස්සේ නුබ නැතුව මගෙ එක නිර්මානයක්වත් බිහිවෙලා නැතුව ඇති..මගේ කලාව තුල ඉහලම නිමවුම උනේ ඔයයි....ඒත් දෛවය අපෙ ජිවිතේ ලස්සනට ලිවේ මාස 7ක් වගේ හරිම ටික කාලයයි..පරම්පරාගත දුර්ලබ රොගියෙක් වෙන්න පටන් ගත්ත මාව සාගර අරන් නොගිය වෛද්‍යවරයක් නැතුව ඇති...අරන් නොගිය දේවාලයක් නැතුව ඇති...බාහිර පෙනුම පාවා ටිකෙන් ටික වීරූපි වෙමින් තිබුන මගේ ජිවිතය පන පිටින් අපායක් උනේ හරිම ඉක්මනින් ...හැමදේම ඉවසන්න පුලුවන්...එත් එදා නුබ කියපු ඒ වචනේ මගේ හිතට බර වැඩී මහත්තයෝ...මතකයි ඔයා ඇවිත් කිවා..මගේ රත්තරන් අපි ඉක්මනින් 3දෙනෙක් වෙමු..මේ හැමදේම හරියයි....ඔයා එදා මගේ ඔලුව අතගාලා ඒම කියද්දි කෝම ඉවසන්නද රත්තරන්...උබේ ආදරේ මහ මෙරක් ..ඒ ආදරේ මෙ හිත සැරින් සැරෙ දවනවා...ම්ම්ම්ම් අද 2019.01.15... ඔයා මගේ ලගට එවිත් කිවා රත්තරන් හෙටට අපි බැදලා අවුරුද්දයි...මෙක අපි සමරන්නම ඕනේ...නුබේ හුස්ම එක්ක මගේ නලල සිපගත්ත ඔයා පෙනුමෙන් ගතින් විරුපි උන මට ඇයි තවත් ආදරේ ..එපා රත්තරන් විදවන්න මන් නිසා...එපා...මට දරා ගන්න බෑ මගේ දෙයියෝ....
මුලු රැයම මගේ නින්ද හොරා ගත්තේ උබේ ආදරේ මගේ මහත්තයො..මම වෙනුවෙන් කැපවෙන උබ වෙනුවෙන් උබේ අනාගතය වෙනුවෙන් ඇයි මට කැපවෙන්න බැරි...රැ 12පසු වි ටික මොහොතයි....
දිනපොතේ අවසන් පිටුව සටහන් කල මා අවසන් වරට එයට මෙසේද සටහනක් එක්කලා...
මට දිය හැකි එකම හොදම ත්‍යාගය පුදමි..ඒ අත්හැරිම...සදා නින්දක තනිවිමට ඉටාගත් මා මගේ හුස්ම අතහරිනුයේ නුබේ දියනියක වී ඉපදීමටයි.....ඔබට සුන්දර විවාහ දිවියක් ලැබේවා...අලුත් පතියකගේ වෙන්න..මම බලන් ඉන්නවා නුබේ දියනිය වී එන්න
Happy anniversary ...... මීට සමාරා...
නිමි...