කුඩය | Kudaya


කුඩය
----------

මද වේලාවට පෙර පටන් ගත් වැස්ස තාමත් අඩුවන පාටක් නම් නැත.
ගතට දැනුණු උණ ගතිය නිසාම වැඩ කිරීමට නොහැකි බව වැටහුනු සියැස් ආයතන ප්‍රධානියා මුණ ගැසී නිවාඩුවක් අනුමත කරගෙන බසයට ගොඩ වූ සැනින් වැස්ස පටන් ගත්තාය.
වැස්සට හසුවුවහොත් උණ ගතිය වැඩිවන බව දැනුණ හෙයින් බසයෙන් බැස ගත් ඔහු තම හිස නොතෙමෙන පරිදි කුඩයෙන් වසාගෙන හෙමින් හෙමින් අවන්හල දෙසට පියමැන්නේ උදෑසනද හරි හැටි ආහාරයක් ගැනීමට නොහැකි උන නිසාය.
අවන්හල ඉදිරි පිටට වී තරුණියක් සිටගෙන සිටින අයුරු ඔහු දුර සිටම දුටුවේය.
දණ හිසෙනුත් අගල් ගාණක් ඉහලට උඩට වන්නට ඇති කෙටි සායකින් හා යන්තම් ළැම පෙදෙස වැහෙන්නට තරම් කුඩා ටී ෂර්ට් කැබැල්ලක් ඇද සිටි ඇය හෑන්ඩි ෆ්‍රී එකක් ගසාගෙන එයින් නැගෙන ගීතයකට හෙමින් පැද්දෙමින් වැස්ස දෙස බලා සිටියාය.

" මේ ඇදුම් කෑලි දෙකත් අදින්නෙ නැතුවයි ඉන්න තිබ්බෙ ඇන්ද කියල ඇති වැඩකුත් නෑනෙ "

එහෙම හිතපු සියැස් අවන්හල තුලට ඇතුල් වූයේ තමාට අවශ්‍ය කෑමක් මිලදී ගැනීමටය.

" කොහොමද කෑල්ලගෙ ගල් දෙක පට්ට නේ "

" ඒක නේන්නං මේ වැස්ස වෙලාවෙ මේකි මේ ඉන්න විදිහට දාල වැඩට වත් යන්න හිතෙන්නෙ නෑ "

" මටත් දැන් බස් එක මිස් වෙනව ඒත් කොහොමද මේ වගේ දර්ෂණයක් දාල යන්නෙ "

" මම නම් හිතන්නෙ බඩුවක් වෙන්න ඇති බන්
නැත්නම් මේ වගේ තැනක මෙහෙම ඉදීද "

" මම ගිහිල්ල පොඩ්ඩක් ටෝක් කරන්නද "

" බඩුවක් නම් ෂේප් එකේ ගාණ කීයද කියල අහපන් "

" උඹට පිස්සුද මම නම් හිතන්නෙ සල්ලිකාර කෙල්ලෙක්
බඩුවක් වෙන්න බෑ
සල්ලිකාර උන් අදින්නෙ ඔහොම තමයි... "

අවන්හල තුල සිටි තරුණයන් කීපදෙනෙකු කතා වන අයුරු ඔහුට ඇසුනේය.
ඔහුට අර තරුණිය ගැන මෙන්ම මේ තරුණයන් ගැනද ඇතිවූයේ කේන්තියකි.
එහෙත් තරුණයන්ට බැන වැදීමෙන් පලක් නැත.
සම්පූර්ණ වැරැද්ද තරුණියගේය.
තමන්ට අවශ්‍ය කෑම මිලදී ගත් සියැස් ඇය දෙස බැලුවේය.

" සවුත්තු කෙල්ලෙක් වෙන්න බෑ වැදගත් තැනක කෙල්ලෙක් වගේ "

එසේ සිතූ ඔහු ඇය අසලට ගියේය.

" එක්ස්කියුස්මී මිස් "

ඔහු දෙස බලා හෑන්ඩි ෆ්‍රී එක කනෙන් ගැලවූ ඇය.

" යර්ස් "

" සමාවෙන්න මේ මිස් මෙතන මේ වෙලාවෙ "

" අනේ බලන්නකො මම අර කඩේට පොඩ්ඩක් ආව කාර් එක මෙහෙ පාර්ක් කරන්න දෙන්නෙ නැති නිසා පාරෙ අනිත් පැත්තෙන් පාර්ක් කරල ආවෙ.
කොහෙද මම ආපහු යන්න කලින් මේ වැස්සක් පටන් ගත්තනෙ.
යන්න විදිහක් නැතුව මේ ඉන්නෙ "

පසෙකට වන්නට තිබූ රූපලාවණ්‍ය භාණ්ඩ විකුණන කඩයක් පෙන්වමින් ඈ පැවසුවාය.

" මේ දවස් වල නිතරම වහිනව කියල දන්නවනෙ.
ඇයි කුඩයක් අරන් ආවෙ නැත්තෙ "

" මම ඉක්මනට යන්න ආවෙ ඒත් පොඩ්ඩක් පරක්කු වුනා "

මදක් කල්පනා කල සියැස් ඇයට තම කුඩය දිගු කලේය.

" හරි මිස් දැන් මේ කුඩේ අරගෙන යන්න මම වැස්ස පායනකල් ඉදල යන්නම් "

" අනේ ඒක හරි නෑනෙ ඔයා ඕකෙන් යන්න.
මම වැස්ස පායපුවම යන්නම් "

" මේ වැස්ස දැන්ම පායන පාටක් නෑ
ඒක නිසා මේ කුඩේ අරන් යන්න "

" ඒක හරි නෑනෙ
මේ ...... ඔයාගෙ ඇස් ලෙඩ පාටයි ඔයාට සනීප නැද්ද "

" ඔව් මම මේ වැඩට ගිහින් ඇගට අමාරු නිසා නිවාඩුවක් දාල ආවෙ කොහොමද මිස් එකපාරටම අදුර ගත්තෙ "

" මම ඩොක්ටර් කෙනෙක්නෙ ඒකයි "

ඇය සිනාසී කියන විට සියැස්ට තරමක් කේන්ති යියේය.

" සමාවෙන්න මිස් මම මෙහෙම කියනවට මම හිතුවෙ මිස් මේ සල්ලිකාර කමට හැදිච්ච කිසිම තේරුමක් නැති කෙල්ලෙක් කියල.
බලන් ගියාම මිස් කොච්චර උගත් කෙනෙක්ද
ඩොක්ටර් කෙනෙක් කියන්නෙ කොච්චර ගෞරවයක් ලබන්න ඕන ජොබ් එකක් කරන කෙනෙක්ද
එහෙම කෙනෙක් වෙලත් මේ වගේ ඇදුම් ඇදගෙන පාරෙ යනවද
දන්නවද මිස් දිහා බලාගෙන අර ඇතුලෙ ඉන්න උන් කියපු ඒව.
මට ඒව මිස්ට කියන්නත් ලැජ්ජයි.
උන් මිස් දිහා බලාගෙන කියන ඒව ඉවසගන්න බැරි නිසයි මං මිස්ට යන්න කිව්වෙ.
ඒක නිසා දැන්වත් මිස් මේ කුඩෙත් අරන් යන්න මිස්
මට හදිස්සියක් නෑ මම ටිකක් වෙලා ඉදල යන්නම්
හැබැයි මීට පස්සෙවත් යන තැනේ හැටියට හරියට ඇදුමක් අදින්න ඉගෙනගන්න "

සියැස් ඇයට කුඩය දිගු කලේය.

" අනේ සමාවෙන්න
මම ඒ ගැන එච්චර හිතුවෙ නෑ
එහෙනම් ඔයත් එන්න
මේකෙන් අපි දෙන්නටම යන්න පුළුවන් වෙයිනෙ "

" ඔය කුඩෙන් දෙන්නෙකුට යන්න බෑ මිස්
එහෙම ගියොත් අපි දෙන්නම තෙමෙනව
ඒක නිසා මිස් ඉක්මනට යන්න "

" එහෙනම් මම කඩේකින් කුඩයක් අරන් මේක ඔයාට ගෙනත් දෙන්නම් "

" ඕන නෑ මිස්
මිස් ඔහොම පාරෙ ඇවිද ඇවිද ඉන්නෙ නැතුව ඉක්මනට ගෙදර යන්න "

" හරි මම යන්නම්
ඔයාට බොහොම ස්තූතියි
ඒත් මම ආපුහු මේක ඔයාට දෙන්නෙ කොහොමද "

" මට ආපහු ඕක ඕන නෑ මිස්
අදට ගෙනියන්න
පස්සෙ මිස්ට එපා නම් වැස්ස වෙලාවට අසරණ වුනු වෙන කාට හරි දෙන්න "

" එහෙනම් මම යන්නම්
තැන්ක් යූ වෙරි ම‍ර්ච් "

" හොදයි මිස් බුදුසරණයි "

" බු .... බුදුසරණයි "

ඇයට ඔහු ගැන පුදුම සිතුණ.

" පව් කොච්චර හොඳ බෝයි කෙනෙක්ද
මං ගැන නරක විදිහට කතාකරනව ඇහිල අසනීපෙන් ඉදගෙනත් මාව එව්ව.
එයා ඇත්තටම හොඳ කෙනෙක් තමයි.
නැත්නම් මම එයාටත් යන්න අඩ ගැහුවම කවදාවත් බෑ කියන්නෙ නෑ.
වෙන කොල්ලෙක් නම් එහෙ කිව්වම පැනල එන්නෙ.
අනික ආපහු කුඩේ කොහොමද දෙන්නෙ කියල ඇහුවම වෙන කෙනෙක් නම් පැනල ෆෝන් නම්බර් එක දෙයි.
කොහෙද ඉන්නෙ වත ගොත ඔක්කොම අහයි.
මේ බෝයි එහෙම නෑ.
මට පුදුමයි අද කාලෙ මෙහෙම අයත් ඉන්නව කිව්වම "

එදා දවසම ඇයට ඔහුව අමතක කිරීමට නොහැකි විය.
පසුදිනද දිනය පුරාම ඇයට ඔහුව මතක් වන්නට විය.
ඇය කුඩය අතේ තියාගෙන ඔහු ගැන සිතුවේය.
ඔහුගේ වේදනා බර මුහුණ ඇයට විටින් විට මැවී පෙන්නන්නට විය.
නැවත ඔහුව මුණ ගැසීමේ ආසාවක් ඇයට ඇති විය.

" එයාට දැන් කොහොමද දන්නෙ නෑ.
පෙනුන හැටියට නම් ටිකක් අමාරුවෙන් හිටියෙ.
කොහොමද මම එයා කොහෙද ඉන්නෙ කියල හොයා ගන්නෙ.
සමහර විට එයා නිතරම ඒ කඩේට එනව නම් මුදලාලි එයා ගැන දන්නව ඇති "

ඇය අවන්හලේ මුදලාලි මුණගැසී ඔහුට සියල්ල මතක් කර දී සියැස් ගැන විමසීය.

" ඔව් නෝන
ඒ මහත්තය හැමදාම වගේ මේ කඩෙන් තමයි කෑම අරගෙන යන්නෙ.
හැබැයි එදා නෝනට කුඩේ දීල තෙමි තෙමි ගියත් හරි ඒ මහත්තයව මම ආපහු දැක්කෙ නෑ "

" අනේ පව් දෙයියනේ.
අර තරම් අමාරුවක් තියාගෙන මට කුඩේ දීල එයා තෙමි තෙමි ගිහිල්ල "

ඇයට ඔහු පිලිබදව කනගාටුවක් ඇති විය.

" කමක් නෑ මුදලාලි මම ආපහු දවස් දෙක තුනකින් එන්නම්කො බලන්න "

" හොදයි නෝන
මහත්තය ආවොත් මම කියන්නම්කො නෝන ඇවිත් ගියා කියල
ආ නෝන චුට්ටක් ඉන්න බලන්න දවසක් මොකක් හරි උවමනාවකට මම ඒ මහත්තයගෙ නම්බර් එක ඉල්ලගත්ත වගේ මතකයි "

පොතක ලියා තුබූ ඔහුගේ නම හා ඔහුගේ දුරකතන අංකය අවන්හලේ මුදලාලි විසින් ඇයට ලබා දුනි.

" සියැස් සසිදු "

ඇය ඔහුගේ නම කීප වරක් කියව්වාය.

" එයාගෙ හිත වගේම නමත් ලස්සනයි "

ඇයට ඔහුව අමතක කල නොහැකිම තැන ඔහුගේ දුරකතන අංකයට ඇමතුවද එය ක්‍රියාවිරහිත කර තිබුනි.

" සමහර විට දැන් ෆෝන් නම්බර් එක වෙනස් කරල ඇති "

ඇගේ සිතින් ඔහු අමතක කල නොහැකි තැන වෙනත් වාට්ටුවක වැඩ කරන ඇගේ මිතුරියක වූ ඩොක්ටර් රේණුකා මුණ ගැසුණේ ඇය සමග මේ බව පැවසීමටය.

" මොකක්ද සහේලි ඔච්චර වැදගත් කාරණාව අගේ නොකර කියන්නකො "

" ඔයා හැමදාම කියනවනෙ දැන් වත් හොඳ කොල්ලෙක් හොයාගෙන මැරි කරන්න කියල ඒක නිසා ඔන්න මං කොල්ලෙක් ගැන හිතුව "

" අම්මේ ඇති යන්තම් කෙල්ලට කොල්ලෙක් ගැන හිතුන
කවුද අප්පා ඒ වාසනාවන්තය අපි දන්න කෙනෙක්ද "

" අනේ නෑ ඔයා තියා මම වත් එයා ගැන හරියට දන්නෙ නෑ "

" මට තේරෙන්නෙ නෑ සහේලි ඔයා කියන එක "

" හි හි
ඒක ටිකක් දිග කතාවක් "

ඇය කතාව ආරම්භ කරන්නට හදනවාත් සමගම ඔවුන් අසලට හෙදියක් පැමිණියේය.

" ඩොක්ටර් මෙන්න අද නැතිඋන පේෂන්ගෙ රිපෝට්ස් "

" හරි තැන්ක් යූ ලලිත
බලන්න සහේලි ලස්සන කොල්ලෙක්
උණ තිබෙද්දි තෙමිල නියමෝනියාවට ඇවිල්ල අයි සී යූ එකේ එක දවසයි හිටියෙ
අද උදේ නැතිඋනා
හිතන්නෙ බලන්නෙ නැතුව කරන වැඩ නිසා අපරාදෙ තරුණ ජීවිතයක් නැතිඋනා "

ඇය ෆයිල් එකේ ඇති නම දෙස බැලීය.

" සියැස් සසිදු "

" මොනව සි .... සියැස් ස .... සසිදු
න් .... නෑ මේ එයා වෙන්න බෑ කො ... කොහොමද එහෙම වෙන්නෙ.
අ ..... අනේ රේ ..... රේඅණුකා.
මට මෙ ...... මේ පේෂන්ට් බලන්න ඕන "

" ඇ .... ඇයි සහේලි මේ.
ඔයාට එකපාරටම මොකද උනේ "

" අනේ රේණුකා ම .... මට මෙයාව බලන්න ඕන "

" මෙයා ඔයා අදුරන කෙනෙක්ද සහේලි "

" ප්ලීස් රේණුකා මුකුත් අහන්නෙ නැතුව මාව මෙයා බලන්න එක්කගෙන යන්න "

සහේලි තරමක් හයියෙන් කෑගැසුවේය.
රේණුකා තම යෙහෙලියගේ මෙම වෙනසට හේතුව නොදැනම ඇයව ඔහු ලගට රැගෙන ගියේ ඒ නිසාය.

" අනේ මේ නම් මගෙ සියැස් වෙන්න එපා.
එයා තෙමිල තියෙන්නෙ මං නිසා මම එයාගෙ කුඩේ අරන් ගිය නිසා.
අනේ මේ එයා නම් වෙන්න එපා දෙවියනේ "

සහේලි සිතින් ප්‍රාර්ථනා කරමින් රේණුකා පසු පසින් ඇදුනේය.
ඔවුන් එතැනට යන විට ඔහුගේ ශරීරය සුදු රෙදිකඩකින් වසා තිබුනේය.
කෙතරම් මියගිය මිනිස්සුන් දුටුවද ඇය ඔහු අසලට ගියේ මහත් ආයාසයකිනි.
වෙව්ලන අතැගිලි වලින් ඇය සුදු රෙදිකට හිමින් හිමින් මුහුණ පෙනෙන සේ පහත් කලේය.

" දෙයියනේ සි .... යැ .... ස් "

ඇයට කියන්නට හැකි වුනේ එපමණකි.මුලු ලොවම කැරකෙනවා මෙන් ඇයට දැනෙන්නට විය.

නිමි.
---------------------------------------------------------------

Comments System WIDGET PACK