හුස්ම😔.. | Husma
..😔හුස්ම😔..
(නොහිතන අවසානයක් වෙවී)
................................
ආදරේ කියන්නේ හරී සුන්දර හැගිමක් ...අවසානය දක්වාම තේරුම් ගත නොහැකි ප්‍රේහෙලිකාවක්.....අවසානය දක්වාම කියවන්න .. නොහිතන අවසානයක් වෙවී....
❤️❤️❤️❤️❤️❤️
වේගයෙන් ආ සුපිරි ගනයේ මෝටර්රථය නතර වූ යේ අපේ ගෙමිදුලේ....
"කෝ මේ ගෙදර වුන් බැහැපිය යකෝ එලියට.."
මුලු ගමම අපේ ගෙමිදුලේ නතර කරන්නට තරම් ඒ හඩ දරුනු වීය.....
අක්කේ අදනම් ඉවරයි ඉදලා..
පොඩ්ඩි කාමරේට කඩාගෙන බිදගෙන එද්දි මම උඩ ගියා
.
ඇයි පොඩ්ඩි ..කවුද බෙරිහන් දෙන්නේ..
ආන් ලොකු මහත්තයා ඇවිත් .බෙරිහන් දෙනවා.. පවු අක්කෙ අම්මලා..
මට කාමරයෙන් එලියට යන්න හයියක් තිබ්බෙ නෑ..මුලු ගම ඉස්සරහා මගේ අම්මලා ලැජ්ජා වෙන්නේ මන් නිසායි...
මගෙයි පුන්චි බෙබිගෙයි සම්බන්දෙ කවදාවත් නොවෙන එකක් බව දැන දැනත් මම මේ කරන්නේ අම්මලාව අමාරුවෙ දාන එක...
ලොකු හාමු බෙරිහන් දිලා දිලා ගියත් තාත්තා මට වචනයක්වත් නොකිව එක දරාගන්න පුලුවන් උනේ නෑ.......
මහ රෑ වෙනකන් බිත්තියට හේත්තු වෙලා අඩනවා මිස මොනා කරන්නද මම....පුන්චි බේබි අමතක කරන්න බැරි විදිහට මගේ හිතේ පැලපදියන් වෙලා ඉවරයි...මුලු රෑම මතක සිහි කර කර අසරනව අඩපු මම මේසේ ඉස්සරහට ගියේ පුන්චි බේබිට ලියන්න....
ආදරනීය පුන්චි බේබි වෙත.
කුප්පිලාම්පුවෙන් එලිය වෙන මගේ ගෙදර දැන් අපායක් වෙලා මහත්තයෝ...බෙබි වගේම මම බේබිටත් හරිම ආදරෙයි...ලොකු ලොකු කාර් විදුරු මාලිගා අපිට නෑ බේබි...බේබි අපි මේක හම්බෙලා කාතා කරලා විසදමු.. හෙට ගොම්මන් වැටෙද්දි දොල ලග මන් බලන් ඉන්නවා....
අප්සරා....
පොඩ්ඩිට හිමින් සීරුවේ ලිවුම දුන්න මම බෙබිගෙ නන්ගිට දෙන්න කියලා දුන්නා..අපෙ ලිවුම් හුවමාරු උනේ බෙබිගෙ නන්ගි පුන්චි නෝනයි අපෙ පොඩ්ඩි අතෙයි....
කිව්වා වගේම ගොම්මන් වැටෙද්දි මම දොල පාමුලට ගිහින් හිටියා..අදුරු ගොම්මන මැද්දෙන් ඒ අදුර කපාගෙන උබේ ඔය සුදු මූන මම දැක්කේ සතියකට පස්සේ...
කතා කරන්න වචන එන්නත් කලියෙන් මගේ හැගිම් එලියට අවේ ආදරේ උතුරලා යද්දී..උබව දැක්ක ගමන් පුන්චි එකියක් වගේ මන් උබේ පපුව අස්සට රින්ගුවේ අමතක කරන්න තියා හිතන්නවත් බැරි බව දැනගෙන...
අදුරු ගොම්මනේ සීතල සුලග ගතේ දැවටෙද්දී හීන් සීරුවේ තව තව ඔයා මාව තුරුලු කරගත්තා ඔය රලු අත් වලින් මාව හිර කරන්...ටික වෙලාවකින් හිස ඔසවපු මම බලන් උන්නෙ ඔයාගේ ඇස් දිහා...
..පුන්චි බේබී..
වචන දෙකක් මම කියද්දි මගේ කට අතින් තද කරලා ඔයා කිවා..
ඇයි මගේ රත්තරන් බේබි කියන්නෙ පවන් කියන්නකෝ
අපි මොකද කරන්නෙ මගේ දෙයියෝ..මට බෑ ඔයා නැතුව ඉන්න... කදුලු පුරවන් මම ඒම කිවෙ තව තුරුල් වෙමින් ..
අම්මලාගේ එකම පුතා මම ඔයා දන්නවනේ ඒකයි මේ ...ඒත් මම කල්පනා කලා.අපි පැනලා ගියත් එයාලා මොන ලොකේන් හරි හොයාගන්නවා..
එකතු වෙන්න බැරිනම් එකටම අපි මැරෙමු මගේ පන...
ආදරයෙන් එහා දෙයක් නොදුටු මා නුබේ වචනයට එකග වූයේ වෙන මගක් මට නොපෙනුන නිසා..
මගේ දෙතොල් ලග හාදුවක් නතර කල නුබ මා අදට සමුදුන්නේ ..
එක් වෙන්න බැරි තැන එක්ව ලොකයෙන් යන්න තීරනේ කරලයි...
නිවසට ආ වෙලේ සිට පොඩිඩී අම්මා තාත්තා දකිද්දී හිත කීරි ගැහි යයි..
හෙට උඩහා කන්ද පාමුල මගේ වගේම බේබිගෙ මලකදන් දැකිම කාටනම් වාවයිද....
පවුලේ අය හැර යාම මා හිත පාරමින් හිදි..කාටත් හොර කදුලු වගුරමින් හැඩු මා මුලු රැයම නිදි නැත..
පාන්දරම උඩහ කන්ද පාමුල බේබි එනතුරු මා බලා උන්නා..ඔව් අදුර මැද්දෙන් ඒ රුව දකිද්දී හිනා වෙන්නද අඩන්නද මට තෙරුනේ නෑ...
අපේ දෑත් අපි තදින් අල්ලා ගත්තා ..පපුව ගැහෙනවා පුදුමාකාර විදිහට..පනින්න පෙරම හුස්ම හිරවී මියයාදෝ හිතුනා..
දෑස් පියා ගත් මා..අම්මෙ මට සමාවෙන්න තාත්තේ මට සමාවෙන්න සිහි කරමින් කන්දෙන් පහලට මගේ ගත මුසු කලේ පුන්චි බේබිගේ අත තදකරගෙන...නිමේශකයකින් මගේ අත ඔහුගෙන් ගිලිහුනා
ඔව් ඔහූ තවමත් කන්ද පාමුල..වේගයෙන් පහලට මා ඇදෙනවා දැනුනා..අවසන් වරට වේදනවක් නොමැතිව මා සිනා සුනා..මම නුබේ රුව දෙස බලා සමුගමි සිතුවා...
පවන් (පුන්චි බේබි) අප්සරා දෙස බලා උන්නේ මහා කම්පාවෙන්..මව එදින රෑ රෝගි වෙනවා ..ඔහු ලොව හැර ගියොත් කුමක් වේද...
කදුලු පිරි වේදනාවෙන් ඔහු අප්සරාගේ සිරුර පහල ගල් මත සීසිකඩ යන දෙස බලා වැලපුනා..
(සමහර තැන් තියනවා නොගතයුතු හැබැයි ගන්න වෙන තීරන)..