හොරා ගත් ප්‍රේමය ❤️ | Hora Gath Premaya
❤️හොරා ගත් ප්‍රේමය ❤️
හැමොම කියනවා වගේ යාලුවෝ කියන්නේ සහොදරයෝ වගේ..ඒත් හැමොටම සහෝදරයෝ වෙන්න බෑ...ඒ වගේ සමහරු හරි ඉක්මනින් ඒ සම්බන්දකම් මරලා දානවා..
සනුලි මෙහෙ වරෙන් බන් ක්ලාස් යන්න .. සනූගේ ගේ ලගින් බෙරිහන් දුන්නු මම සනු එනකන් ගියේ කඩාගෙන බිදගෙන උන්ගේ ගේ ඇතුලට..මොකද ඒක මට අමුතු ගෙයක් නෙමේ..සනු කියන්නෙ මගේ හොදම යාලුවා..අපේ යාලු කම තියෙන්නෙ අවුරුදු 13ක ඉදන් ..හරියටම කීවොත් මොට්ටසෝරියෙ ඉදන්ම අපි යාලුවෝ ..
සෙව් යමු මම ලෑස්ති බන්...සනූ මට බෙරිහන් දීගෙනම කාමරෙන් එලියට පැන්නා.. පාරේ යන ගමන් මම හෙමිට සනූට මගේ කාරනේ කියන්න ගත්තා..මේ අහපන්කෝ බන් ..අද අයියා එනවා බන් මාව බලන්න ..
"මම සුට්ටක් කතා කරලා එනකන් හිටපන් හොදද.."
මොකක්ද බන් ඔය ආදරේ . ඌ උබට ගැලපෙනවද බලපන්..යකෝ උගේ අතීත කතාව උබ දන්නවනේ නේද...යකෝ උගේ කලින් කෙල්ල හින්දා ඉගන ගන්න එක නවත්තලා බීගෙන ඉන්න එකෙක්‍ට ලව් කරන්න තොට පිස්සුද...උබේ පස්සෙන් කොච්චර කොල්ලො එනවද ..පිස්සුද උබට..
ඕක සනූ විතරක් නෙමෙ මගේ යාලුවෝ හමෝම මට කියපු කතාවක් . ඒත් කාගේවත් වචන සතේකට මයිම් නොකරන මම පිස්සෙක් වගේ ආදරෙ කලා..හැබැයි ලොකුම ප්‍රශ්නේ මට රොහිත අයියව නිදහසේ හම්බෙන්න තරම් නිදහසක් නොතිබුන එක ..ටිකෙන් ටික කාලෙ ගත වෙලා ගියා .. එයා හොද කෙනෙක් කරන්න මම නොවිදි දුකක් නැතුව ඇති..හ්ම්ම් ඒත් එයා හොද කෙනෙක් වෙද්දි මට දැනුන සතුට කියලා වැඩක් නෑ..අපි යාලු වෙලා අවුරුද්දකුත් වෙන්ව..තාම එකට තුරුල් වෙලා ඉන්න හම්බුන දවසක් නෑ..හම්බුන පුන්චි වෙලාවෙ පොඩ්ඩක් කතාකරන්නත් අවස්තාව හදාගන්නෙ මාර අමාරුවෙන්..අපේ ආදරේ ගොඩක්ම හුවමාරු උනේ ෆොන් එකෙන්..
මට මතකයි ඔයා මට වැරදි යොජනාවක් කලා...එහෙම නැත්තන් මේ සම්බන්දෙ ඉවරයි කිවා..ඒත් ඒකට කැමති වෙන්න තරම් හයියක් මට තිබුනේ නෑ..මම ස්කුල් එකෙ ගොඩක් ලොකු ප්‍රතිරූපයක් මවන් හිටියේ...අනික උබ දන්නවා හොදටම මන් ගැන..උබ එදා මාව අතැරලා ගියේ හරි තිරිසන් විදිහට අයියේ....
ඒලෙවල් වලට මාස 3ක් තියලා තමා උබ මාත් එක්ක ලස්සනටම සෙල්ලම් කරන්න ගත්තේ ..ඉගනිම විතරක් උබෙන් පස්සෙ ජිවිතේ කරගත්ත මට ඕන උනේ ඉගනගන්න විතරයි...
.........ඒක කවුරුම නොහිතන පලිගැනීමක් ..ඔව් උබ හිටියේ මගේ හොදම යාලුවා සනු එක්ක ..එකිව උබේ අතින් අල්ලන් මගේ ඉස්සරහින් යද්දි මගේ මුලු ලෝකෙම මගේ දෙපා මුල වැටුනා දෙයියනේ..
මම සනූ ගාවට ගියේ ඇයි මෙම කලේ අහන්න ...ඒත් මූන දිහා බලන්නවත් අප්පිරියයි මට උබලව...ගෙදරට ගියපු මම අවසාන වතාවට උබට මැසේජ් කලා අයියේ...
අයියේ ඇයි මෙම කලේ😔😔
උබේ උත්තරේ හරි සරල උනා අයියේ..
"කෙල්ලො දෙනවානම් කොල්ලො ගන්නවනේ බන්😄😄""
නිහඩ වෙච්ච මම සනූ උබ ඇයි මෙම කලේ ඇහුවා...
අනේ බන් මගෙයි අයියගෙයි අතරට එන්න එපා..
........ . .....................
පන පිටින් උබලා මාව මැරුවේ පන පිටින්...
මාස 6කට පස්සේ රිසාල්ට් ආවා...සනූ වගේම අයියත් ඕල් සබ්ජෙක්ට් ෆෙල් වෙලා හිටියේ... මට බෝට්ටුවකින් හරි කැම්පස් සෙට් උනා...අද ඒ දෙන්නත් වෙන් වෙලා........ ජිවිතේ අපි නොහිතන අයයි අපිව රිද්දන්නේ.. එදා මම අල්ලන් ගිය අත මගේ හොදම යාලුවා අල්ලන් යනවා දකින එක තරම් වේදනාවක් තියනවද. .ජිවිතේ කෙනෙක්ට හොද කරන්න ගිහින් අපිට වැරදුනා හිතන්න එපා..වේදනාව ඉවසන්න . දෛවය එයාලට අනිවාර්යයෙන් උත්තරේ දෙනවා..
(කතාව ලස්සන කරන්න පුන්චි පුන්චි වෙනස් කම් කලා ..ඒත් ඕක ඇත්ත කතාවක්..ඒක ඒ වේදනාව මම තරම් කවුද හොදටම දන්නේ)මම හිතනවා මේක කාගේ කතාවද කියලා අමුතුවෙන් කියන්න ඔනේ නෑ කියලා.. නම් මනකල්පිතයි