හිම හංෂි | Hima Hanshi


හිම හංෂි ( කෙටිකතාව )

******************************
සෑම දිනකම පාහෙ රැකියාව නිමකර නිවසට පැමිණෙන විට දරුවාද අතැතිව පෙර මග බලා සිටින තම දයාබර බිරිද පෙනෙන්නට නොසිටීම තාරකගේ සිත මදක් නොසන්සුන් කිරීමට සමත් විය.
එමෙන්ම වෙනදාට නිවසෙහි දැල්වෙන විදුලි පහන් වල ආලෝකයද නොමැති වීම ඔහුගේ ඒ නොසන්සුන්තාවය දෙගුණ තෙගුණ කරන්නට සමත් විය.
ඉක්මනින්ම නිවසට ඇතුලු වූ ඔහු තම නිදන කාමරයේ දොර විවර කරන විට දුටු දසුනින් වික්ෂිප්තව කෑගසාගෙන තම බිරිද අසලට දිව ගියේය.
* * * * * * * * * * * * * * * * * * * * * *
" මගෙ සුදු දෝනි
තාත්ති ගිහින් එන්නම් මැණික "

තවමත් නින්දෙහි පසුවූ සිගිති දියණියගේ නලලතට උණුසුම් හාදුවක් දෙමින් පැවසූ තාරක තම ආදරණීය බිරිද දෙසට හැරින.

" එහෙනම් හංෂි
මම ගිහින් එන්නම්
දරුවත් එක්ක පාරෙ යන එන කොට පරිස්සමෙන් යන්න ඕනි හරිද "

" හරි හරි මහත්තයො මම පරිස්සම් වෙන්නම්
ඔයත් පරිස්සමෙන් ගිහින් එන්නකො "

" බුදුසරණයි රත්තරං "

තම බිරිදගේ නලල්තලය මතක හාදුවක් තබමින් තාරක පැවසීය.

" මගෙ මහත්තයටත් බුදුසරණයි "

තම සැමියාගේ කොපුලක් මත හාදුවක් තබමින් හංෂිද පැවසීය.
* * * * * * * * * * * * * * * * * * * * * *
දරුවාගේ පෙර පාසල නිමවීමට පෙර නිවසට අවශ්‍ය බඩු කීපයක් රැගෙන ඒමට ගිය හංෂි නැවත පෙර පාසල වෙත එමින් සිටියේය.

" හෂී "

එම ඇමතුම ඇසෙනවාත් සමග හංෂි ක්ෂණිව පිටුපස හැරී බැලුවා නොව ඉබේටම පිටුපස බැලින.

" දේ ..... දේවින්ද "

" හෂී
ඔයාව එක පාරටම අදුරගන්නත් බෑ
කෙල්ල ගොඩක් ලස්සන වෙලා "

" අ ..... අනේ විහිලු කරන්න එපා දේවින්ද
මගෙ මොන ලස්සනක්ද
ඔයා නම් සුදු වෙලා ලස්සන වෙලා
කවද්ද ලංකාවට ආවෙ "

" දැන් ටික දවසක් වෙනවා
ඉතින් කොහොමද ජීවිතේ "

එසේ කියමින් ඔහු තමන් දෙස බැලූ බැල්ම ගැන හෂීගේ සිතෙහි ඇති කලේ පිලිකුලකි.
ඒත් ඇය ඒ බව ඔහුට නොපෙනෙන්නට වග බලා ගත්තේය.

" හොදයි දේවින්ද
මම මැරි කලා
මේ දූවව න .. සරි එකෙන් ගන්න යන ගමන් "

ඔහු ගැන හොදින් දන්නා ඇය එසේ පැවසුවේ ඉක්මනින්ම ඔහු මග හැර යාමට අවශ්‍ය නිසාය.

" ආ ..... එහෙනම් පරක්කු වෙනව නේද
යමු
මම ඇරලන්නම් "

" අනේ තෑන්ක්ස් දේවින්ද
න ... සරි එක තියන්නෙ මේ ලග
ඒක නිසා මම මෙහෙමම යන්නම් "

" ආ ...... හොදයි හෂී
එහෙනම් කමක් නෑ
අපිට පස්සෙ හම්බවෙලා කතාකරන්න බැරියෑ
මට ෆෝන් නම්බර් එක වත් දෙන්නකො "

" ආ ...... ම ... මම ෆෝන් එක ගෙදර දාල ඇවිත්
මට නම්බර් එක හරියට මතක නෑ දේවින්ද
එහෙනම් මම යන්නම්
බායි දේවින්ද "

" බායි හෂී "

" හ්ම්
ඔයා හිතන තරම් ලේසි වෙන්නෙ නෑ හෂී මාව මග අරින්න
අනික ඉස්සරටත් වඩා දැන් ඔයා ගොඩක් ලස්සන වෙලා
ඒ ලස්සන මාව පිස්සු වැට්ටුව
මට ඔයාව ඕනි හෂී
ඉස්සර වගේම මම ඔයාව මගේ තුරුළුළට ගන්නව "

තමා මග හැර යන හංෂි දෙස බලාගෙන ඔහු මුමුණන අතර වේගයෙන් එතැනින් ඉවත් වූ ඇය නතර වූයේ දරුවාගේ පෙර පාසල අසලය.

" මෙයා නම් කවදාවත් හැදෙන්නෙ නෑ
මගේ ජීවිතේ විනාශ කරල රටිනුත් පැනල ගියා දැන් ආයිත් ඇවිත් ලැජ්ජ නැතුව මගෙ ෆෝන් නම්බර් එකත් ඉල්ලනව "

ඉතා ඉක්මනින්ම ඔහුව මගහැර යාමට හැකි වීම ගැන යටි සිතින් සතුටු වෙමින් ඇය සිතීය.

දේවින්ද යනු හෂීගේ ප්‍රථම ප්‍රේමය වන අතර ඇය ඔහුට පණමෙන් ආදරය කලේය.
ඇයට බොරු ආදරයක් පෙන්නූ ඔහුට අවශ්‍ය වූයේ ඇයගෙන් තම ආශාවන් සපුරාගැනීමට පමණි.
දේවින්ද තමාට පෙන්වන්නේ බොරු ආදරයක් බව දැනගන්නා විට හංෂි තම ජීවිතයේ වටිනාම දේද ඔහු වෙත පුද දී අවසන්ය.
කෙමින් කෙමින් තමාගෙන් දුරස් වූ ඔහු විදෙශ් ගත වූ බව හංෂි දැනගන්නා විටද බොහෝ කාලයක් ගත වී තිබින.

පසු කලෙක නිවසින් ගෙනා යෝජනාවකින් හදුනාගත් තාරක හා ඇය විවාහ විය.
* * * * * * * * * * * * * * * * * * * *
පසු දින දරුවා පෙර පාසලට දමා එන අතරමගදීද හංෂි නොසිතූ ලෙස දේවින්ද මුණ ගැසින.

" ගුඩ් මෝර්නිං හෂී "

" ගු .... ගුඩ් මෝර්නිං දේවින්ද
මේ ඔ .... ඔයා අද කොහෙ යන ගමන්ද "

" කොහෙවත් යන ගමන් නෙමෙයි
ඔයාව හම්බවෙන්නමයි ආවෙ "

" මා .... මාව හම්බවෙන්න
එ ... ඒ මොකටද "

" ඒ මොකටද කියල අහන්නෙ
ඔයාට අපි දෙන්නගෙ අතීතෙ මතකයිනෙ හෂි
මම ආසයි ආපහු ඒ අතීතෙට ටිකක් ගිහින් එන්න
ඔයාට අපි දෙන්නගෙ අතීතෙ අමතක නම් මට පුළුවන් මතක් කරල දෙන්න "

" දේවින්ද
අපි ඒ කාලේ ආදරේ කලා
වෙන්වුනා
ඒව අයිති අතීතෙට
දැන් මම කසාද බැදල දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්
මට මගෙ මහත්තයයි දරුවයි එක්ක පාඩුවේ ඉන්න දෙන්න "

" හෝව් හෝව්
මම ඔයාට කිව්වෙ නෑනෙ ඔයාගෙ දරුවයි මහත්තයයි දාල මං ලගට එන්න කියල
ඔයා එයල එක්කම ඉන්න
ම ... ට ඔයා එක්ක ඉ .. ස් .. ස ...ර වගේ ....... "

" චී ඔයාට ලැජ්ජ නැද්ද දේවින්ද
මට ඔය වගේ කතා කියන්න "

" ලැජ්ජ නැද්ද
ලැජ්ජ නැති වෙයි මේ ටික ඔයාගෙ මහත්තයට පෙන්නුවොත් "

දේවින්ද තම ජංගම දුරකතනයේ තිබූ හංෂිගේ සහ ඔහුගේ ඡායාරූප කීපයක් පෙන්වමින් ඇයට පැවසීය.

" දෙ .... දේවින්ද
ඔ ... යා මේ ෆොටෝස් ටික ඩිලීට් කරල දැම්ම කිව්ව නේද "

" හග් .. හග් .. හග් ..
ඔයාට පිස්සුද හෂී
මොන මෝඩයද මේව ඩිලීට් කරන්නෙ
මම මේව තියාගත්තෙ මේවගේ දවසක් එනකල් තමයි "

" දේවින්ද
අනේ දේවින්ද
දැන් වත් ඔය ෆොටෝස් ටික ඩිලීට් කරල දාන්න
ප්ලීස් "

" ඔයාට පිස්සුද හෂී
මම මේව මෙච්චර පරිස්සම් කරල තිය ගත්තෙ එහෙම ඩිලීට් කරල දාන්නද "

" අනේ ඇයි දේවින්ද ඔයා මට මෙහෙම කරන්නෙ
ප්ලීස් ඔය ටික ඩිලීට් කරල දාන්න "

" හ ... හරි හරි
මම ඩිලීට් කරල දාන්නම්
හැබැයි මම ආපහු රට යනකල්
ඔයා මා ලගට ආවට පස්සෙ "

" ඔ ... ඔයාට පිස්සුද දේවින්ද
කවදාවත් ඒක නම් වෙන්නෙ නෑ
මම කවදාවත් මගේ මහත්තයට ද්‍රෝහි වෙන්නෙ නෑ "

" හග් .. හග් ...
ඔයා මා ලගට නාවොත් මම මේ ඔක්කොම ෆොටෝස් ටික ඔයාගෙ මහත්තයට ලැබෙන්න සලස්වනව "

" අ .... අනේ දේවින්ද
ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ "

" කරන්න දෙයක් නෑ හෂී
එදා වගේම අදත් ඔයා මාව පිස්සු වට්ටල ඉවරයි
මට ඔයාව ඕනි හෂී
මට ඔයාව ඕනි "

" අනේ ප්ලීස් දේවින්ද
මට මගේ පාඩුවේ ඉන්න දෙන්න "

" හ ... හෂී
පාරෙ මෙහෙම අඩන්න ලෑස්ති වෙන්න එපා
මම ඔයාට ලබන සඳුද වෙනකල් කල් දෙන්නම්
එදාට මේ වෙලාවටම ඔයා මෙතන්ට ආවෙ නැත්නම් මම මේ ටික ඔයාගෙ මහත්තයට ලැබෙන්න සලස්සනව
එහෙනම්
මම යන්නම්
බායි "

" අ ... අනේ දේවින්ද ඔය ටික ඩි .. ලීට් ..... "

ඇයට තව කිසිවක් කීමට ඉඩ නොතැබූ දේවින්ද ඉක්මනින් එතැනින් යන්නට ගියේය.
* * * * * * * * * * * * * * * * * * * * * *
හංෂිගේ දෙවසන් පුරා දේවින්දගේ වදන් දෝංකාර දෙන්නට විය.
තමා දැන් කල කුමක් කල යුතු දැයි සිතා ගත නොහැකිව ඇය අසරණ වූවාය.

" හංෂි
මැණික "

" ම් .......... "

" ඔයාට මගෙන් මොකක් හරි වැරැද්දක් උනාද "

" ත .... තරූ
ඇ ... ඇයි මහත්තයො මේ "

තාරක අසන විට ඇය බියෙන් මෙන් විමසුවාය.

" නෑ
අද ඔයා වෙනද වගේ නෙමෙයි ගොඩක් කල්පනා කරනව "

" අනේ නෑ තරූ
අද මගේ හිස ටිකක් කකියනව වගේ "

" අනේ ඇයි රත්තරං මට කලින් නොකිව්වෙ
එහෙනම් අපි බෙහෙත් ටිකක් ගන්න යමුද "

" ඕන නෑ තරූ
මම පැනඩෝල් පෙති දෙකක් බිව්ව
හෙට වෙන කොට ඕක අඩු වෙලා යයි "
* * * * * * * * * * * * * * * * * * * *
සඳුදා උදෑසන වනතුරු කල්පනා කල ඇය තීරණයක් ගත්තාය.

" ඔව් දේවින්ද
මම ජීවත් වෙලා හිටියොත්නෙ ඔයාට මාව ඕනි වෙන්නෙ
මම මැරුනොත් ඔයාට මගෙන් වැඩක් නෑනෙ
ඔව්
ඒක තමයි කරන්න ඉතුරු වෙලා තියන්නෙ
තරූ ලස්සනයි තරුණයි
මගෙ රත්තරං පැටියටත් එයා ගොඩක් ආදරෙයි
ඒක නිසා මං නැති උනත් එයා අපේ දරු පැටියත් බලාගෙන ජීවත් වෙයි
මගෙ අවාසනාවට ඔයාට ආදරේ කලාට ආයි කවදාවත් ඔයාට මාව ලැබෙන්නෙ නෑ දේවින්ද
කවදාවත් නෑ "

ඇය සිතුවේය.
* * * * * * * * * * * * * * * * * * * * * *
දරුවා තුරුළු කරගෙන සිටි හිම හංෂි සෙමින් ඇයගේ දෙකොපුල් සිප ගත්තේය.
යන්තමින් ඇස් ඇර තම මව දෙස බලා සිනාසුන ඇය නැවතත් මවගේ උණුසුමට තරුළු වී නිදන්නට විය.
මද වේලාවක් තම දරුවා දෙස කදුළු පිරි දෙනෙතින් බලා සිටි හිම හංෂි ඇයගෙන් මෑත් වී යහන මත හිදගත්තේය.
අල්මාරිය අසලට ගිය ඇය ඉන් සාරියක් අතට ගෙන කාමරයෙහි පසෙක තබා තිබූ මේසය විදුලි පංකාව යටට රැගෙන ආවේය.
අනතුරුව මේසය මතට නැගි ඇය සාරියෙහි එක් කෙලවරක් විදුලි පංකාවෙහි ආධාරකයේ ගැට ගසා අනෙක් කෙලවර තොන්ඩුවක් ආකාරයට සකස්කලේය.

" මට සමාවෙන්න තාරක.
මම ඔයාගෙ උන දවසෙ ඉදල කවදාවත් ඔයාට ද්‍රෝහි වෙලා නෑ.
ඒත් ඔයාව හම්බවෙන්න කලින් පණ වගේ ආදරේ කරපු කෙනාට මගෙ මුලු ජීවිතේම දීපු එකේ විපාකෙ අද මගෙ පස්සෙන් පන්නනව.
ජීවත් වෙලා ඉන්නකල් මට ඒකෙන් ගැලවීමක් ලැබෙන්නෙ නෑ.
මගෙ ඒ මෝඩේ වැඩ හින්ද ඔයාට වත් දරුවට වත් ලැජ්ජාවක් වෙන්න මම ඉඩ තියන්නෙ නෑ.
මට සමාවෙන්න තාරක.
ජාති ජාතිත් මට සමාවෙන්න.
අපේ මේ රත්තරං දූ පැටියව ඇස් දෙක වගේ බලාගන්න "

" මගෙ රත්තරං පැටියත් අම්මිට සමාව දෙන්න.
දෙන්නටම බුදුසරණයි "

තොන්ඩුව තම ගෙලට දමා ගත් හිම හංෂි දෙවරක් නොසිතාම මේසය මතින් බිමට පැන්නේය.
* * * * * * * * * * * * * * * * * * * * *

Comments System WIDGET PACK