දෝණි | Dhoni
...දෝණි🤱🏼🤱🏼🤱🏼
මහත්තයෝ......සේනක.....කෝ දෙයියනේ ඔයා ...මේ එනවා අරුනී...මොකද අනේ බෙරිහන් දෙන්නේ.සේනකට කිසිවක් සිතන්නට ඉඩ නොදුන් මා ඔහුව වැලද ගත්තේ මගේ හදේ උපදිමින් පැවති ප්‍රේමය සොම්නස තවත් ඉහිලිය නොහැකි වු නිසාවෙන්.සෙනේ මම ප්‍රෙග්නට් වෙලා. මගේ බෙරිහන් දිල්ල මුලු ගමටම එහුනද මන්දා .. මට උහුලන්න තියා දරන්නවත් බැරුව හිටියේ.. දෙයියනෙ
අරුනි...සේනක මාව වඩාගත්තෙ මගේ නලල සිපගෙනමයි...නිමේශකකින් පුටුවෙන් මාව හාන්සි කල මගේ සෙනේ මගේ කුස සිප ගත්තෙ අසීමාන්තික සෙනිහසකින්..අපි විවාහ වි දැනට අවුරුදු 9යක් දරුවෙකු අපේක්ශාවෙන් අපි නොකල දෙයක් නැතුව ඇති...නොසිතු මොහොතක ලැබුනු මේ සම්පත මහමෙරක්.....
ටිකෙන් ටික දින ගෙවිලා ගියා..සෙනේ මාව බලාගත්තෙ පොඩි දරුවෙක් වගේ..අඩුම පුන්චි වැලිකැටයක් මගේ පයේ දැවටුන දවසක් මට මතක නැ..දරුවෙක් කියන්නේ දෙමාපියන්ට මහ මෙරක්..වස්තුවක්...දින මාස ගෙව්නා..මාස හතරත් පහුවෙද්දි මට ලස්සන දියනියක් හිමි බව දැනගත්තා..සේනක මම හැමදාම කැලැන්ඩර් එකෙ දින ගැන ගැනයි උන්නේ.....දිනෙන් දින මගේ කුස විශාල වෙමින් ඈ වැඩෙන හැටි අපි බලන් හිටියේ පුදුම අසාවකින්...මගේ වගේම සෙනේගේ දවස ගෙව්නේ මගේ මල් කුමාරිට නම් දාලාමයි
......ඔරලොසුවේ කටු කැරකෙනවට වඩා වේගෙන් දින දුවනවද කොහෙද මාස 7කුත් ගෙවිලා ගිහිල්ලා....නොහිතපු විදිහට මට අමාරු උනේ තවත් මාස 2ක් තියෙද්දිමයි...
මාව මහරොහලට ඇතුල් කල සේනකගේ හදවත ගැහෙනවා පිට කෙනෙක්ට ඇහෙන තරමටම...මේ මිස්ටර් සේනකද..වෛද්‍යවරයා සේනකව ආමන්ත්‍රණය කරද්දි සේනක සිනිනැතිවෙන්නෙ නැතුව හිටියේ කොහොමද මන්දා ...ඔව් ඩොක්ටර් . මෙකට අත්සන් කරන්න ..මේක අඩුමාසෙන් බබා ගන්න නිසා අත්සන් කරන්න වෙනවා..අනික බේරගන්න ඕනේ දරුවද අම්මද කියලත් ඔයාට තිරනේ කරන්න වෙනවා...නිසොල්මන් උන සේනක අතින් පෑන ගිලිහුනේ ඔහු පොලොව මත හිදගනිමින්මයි...මෙහෙමයි මිස්‍ටර් දැන් නිතියනම් අම්මව තමා බේරන්න ඕනේ..ඔයාගෙනුත් අවසර ඔන නිසයි අත්සන් ගන්නේ..හරි ඔයා ඕක නර්ස්ට දෙන්න . .වෙව්ලන සේනකගේ දෑත් අත්සන් කලේ මුලු කොලය පුරාම සිය කදුලු සටහන් කරමින්..පැය කිහිපයකින් පැමිනෙන වෛද්‍යවරයා මිස්ටර් ඔයා හරිම වාසනාවන්තයි..අපිට දෙන්නම බේරගන්න පුලුවන් උනා..ජිවිතේ උපරිම වේදනාව විදලා ජිවිතේ පරදුවට තියලා මම නුබව බිහි කලා මගේ දෝණි ...ලොකේ එතනින් එහා වේදනවක් තියෙන්න විදිහක් නෑ. අප්‍රමාන සෙනිහසින් සිය දියනිය තුරුල් කර ගත් අරුනි හෙදිය දියනියට අන්දවා තිබු සුන්දර රෝස පාට ගව්මෙන් සුදො සුදු ඇගේ දියනියගේ සුන්දර රිසි සේ වින්දා...සේනකත් ඇගේ සියුමැලි කම්මුල් පිරිමැද්දෙ පුදුමාකාර වු සෙනිසකින්...නිමෙශයකින් සියල්ල සුන් වුයේ ඇකයෙහි ගුලි වු දියනියගේ සියුමැලි මුහුන සුදමැලි වීය. අරුනි මහ හයියෙන් බෙරිහන් දුන්නා. ඒ කෑගැහිල්ලත් සමගින් පුන්චි දියනියගේ බෙල්ල සේනකගේ අත මතට කඩන් වැටුනේ මලානික රෝස මලක් නටුවෙන් ගිලිහී වියැකි යන්නා මෙන්..තාමත් පුන්චි දියනිය අරුනිගේ සුලගිල්ල තදින් අල්ලා හිදි ...දාරක ප්‍රේමය අසීමිතය...මේ වේදනාව බර වැඩිය...විටෙක නැවත අරුනිට කිසිදා මවක් විය නොහැක. ලැබුන එකම වරමත් දෙවියන් උදුරගත්තෙ කුරිරු ලෙසය.. මගේ රෝස මලේ පහස එක විනඩියකට විදින්නට දී හොරා ගත්තේ ඇයි....
මගේ දුවේ උපදින බවේ ....
නුබ අපි සොයා එන්න...
මග බලන් ඉමි ..
නෙත් රිදෙන තුරු...
පහස මට දෙන්න ...
නුබේ සුවද විදගන්න...
නිමි..