දැහැමි | Dahami
💎💎💎💎💎💎💎💎💎💎💎💎
"දැහැමි දැහැමි "
"ඔව් කියන්න සිහින"
"මම අවුරුදු කීයක් ඉදන් ඔයාගෙන් වචනයක් ඉල්ලනවද? ඔයාට මං ගැන ගානක් නැත්ද?"
"ඔව් මූ වචනයක් ඉල්ලනව නම් දියන්කො බං අපිට පව් නොදී.රෙද්ද.අපිනෙ බං උදේ,රෑ මේ කරුමෙ අවුරුදු ගානක් ගෙවන්නෙ.රෑට දැහැමි කියලා මූ මට උම්මා කීයක් දීලා ඇත්ද මේ අවුරුදු ගානටම.පස්සෙ මචන් මං දිලාන් කිව්වමා පයින් ගහනවා මූ ඇද පල්ලට වැටෙන්න .ඇයි නංගි මූ හින්දා අපි කන කට්ට ගැන හිතලාවත් මෙන්න මූට කැමැත්ත දෙන්න"
"අනේ පල බං යන්න"
"සිහින මං ඔයාට කියලා තියනවා.මං කාටවත් ආදරේ නෑ කියලා .මගෙ තාත්තා නෑ.අම්මා ගොඩාක් දුක් විදලා මට උගන්වන්නෙ.මට ඉගෙන ගන්න උගන්වන්න අම්මා ගොඩාක් දුක් විදිනවා."
දැහැමි සත්සරණි පවුලේ එකම දරුවා .තාත්තා දැහැමි කුඩා කාලෙම මැරුණෙ අම්මටම සියලු බර පටවලා.ලොකු ආදායම් මාර්ග නැති දැහැමිගෙ අම්මා දලු කඩනවා,ඉඩම් සුද්ද කරන්න යන්නෙ දැහැමි උගන්නන්න.
තාත්තා නැති දා ඉදන් මස් මාලු කෑල්ලක් කෑවේ කලාතුරකින් .කිරි තේ එකක් නම් කවමදාවත් බීලා නැහැ.බොහොම අමාරුවෙන් තමයි ජීවිතය ගැටගහගෙන ඇදගෙන ගියේ.
දැහැමි ඉගෙනීමට හුගක් දක්ෂයි .දිග කොන්ඩය,අමුතුම ලස්සනක් තිබූ ඒ ඇස්,ඒ වගේම ලස්සන රූපයට ගොඩක් පිරිමි ලමයි ආදර ඉල්ලගෙන පස්සෙන් ආවා.
සිහින නවාංජන දනවත් පව්ලක පිරිමි ලමයෙක් .අයියා සහ මල්ලී ඉන්න පවුලේ සිහින බඩ පිස්සායි.අවුරුදු ගානක් දැහැමිගෙ ආදරය ඉල්ලන් ආවත් දැහැමි සිහිනගෙ සල්ලි වලට බය උනා.
"අම්මා මම යනවා .මට අද ඉස්කෝලේ හවස පංති ."
"හරි පුතේ උබට තුනුරුවන් සරණයි ."
දයාවතී දැහැමි පාසල් යනකල් ඉද පසුව මුදලාලිගේ හේන සුද්ද කරන්නට ගියේ ,දැහැමිට පංති සල්ලි දෙන්න ඕනි නිසාමයි .ලෙඩ දුක් කොතෙකුත් තිබුනත් ඒ සියල්ල අමතක කර දරුවා වෙනුවෙන් දුක් වෙන මේ අම්මා අහිංසක ගැහැනියකි.ලස්සනට හිටි දැහැමිගෙ අම්මා දැං ටිකක් කෙට්ටු වී ඇත්තේ විදින වේදනාව නිසාමයි .
ඉඩම සුද්ද කරන්න ගියත් වෙනදා වගේ කවුරුත් පේන්න නම් නැත.දයාවතී තනියම ඉඩම සුද්ද කරන්නට විය .උදේ එකොලහට ආසන්න වෙනකොට මුදලාලි තේ වතුර අරං ඉඩමට ආවේ කට්ටියම ඉන්නා බව සිතාගෙනයි.
"තේ බොන්න වරෙල්ලා"
ආවේ දයාවතී පමනයි .
"කෝ බං අනිත් උන්"
"කවුරුත් නෑ මුදලාලි.එනවා කිව්වට ඇවිත් නැහැ."
මුදලාලි දයාවතී තේ බොන දෙස බලා හිටියේ අමුතු හැගීමකින්.කවුරුන් හෝ නැති මේ කැලේ දයාවතීත් තමාත් පමනක් ඉන්න එක මුදලාලිට නම් වෙනත් අදහසක් හිත තුල ඉස්මතු වෙන්න විය .
"උබ බීලා ඉවරනම් මටත් තේ ටිකක් ගෙනෙන්.හේනේ වාඩියේ සිටි මුදලාලි දයාවතීට කීවේ හිතේ වෙන දෙයක් තියාගෙනයි."
"ආ මුදලාලි."
මේ කිසිත් නොදන්නා දයාවතී අත් දෙකෙන්ම මුදලාලි වෙත තේ එක දික් කරන්න විය .
"මෙතනින් තියපන් යකෝ.අතටම දෙන්නෙ."
දයාවතී මේසෙන් තේ එක තියනවාත් එක්කම.මුදලාලි දයාවතීව අල්ලා ගත්තේ දයාවතීටවත් සිතාගන්නටවත් ඉඩක් නොදීමයි.
"අනේ බුදු මහත්තයෝ මට යන්න දෙන්න.මගෙ දරුවත් හදාගෙන ගොඩක් දුකින් අපි ජීවත් වෙන්නෙ .මට යන්න දෙන්න.මගෙ කෙල්ල බඩ ගින්නෙ ඉන්න හින්දයි මම අද හොදටම අසනීප වෙලාත් වැඩට ආවෙ."
අසමජ්ජාති මුදලාලිට මේ අදෝනාව ගානක් නොවීය .අතට ගත් තේ එක රස්නය පිටින්ම එහෙම්මම දයාවතීගේ පපුව සිට පහලට හලන්න විය .උණු වතුරට පිච්චන දයාවතී කෑගසන්නට පෙර ඇගේ චීත්තය ගලවා අත් දෙකත්.හැට්ටය කටට ඔබා ලනුවකින් කටත් ගැට ගැසූ මේ පහත් අවලමා ඇයට නොසෑහෙන්න වද වේදනා දෙන්නට විය .පැයක් පමන අවශ්‍යතාව ඉටු කරගත් පසු දයාවතී නැවත රෙද්ද හැට්ටය අන්දවා කටේ ලනුව ලිහා දමන්න විය .
"මට යන්න දෙන්න.මගේ කෙල්ල තනියම."
දයාවතී වේදනාවෙන් කෙදිරි ගාන්නට විය .මුදලාලි කල්පනා කලේ ගම්මු මේක දැනගත්තොත් තමාට කුමක් වේද කියායි .
එහෙම්මම දයාවතීගේ ගෙල හුස්ම යනකල් සිරකරගෙන හිද ඇයව ලග ඇති ලිදට දමා මොකුත් නොදන්න ගානට ගෙදර ගිය ඔහු කීවේ කිසිවෙක් අද වැඩට ඇවිත් නැති බවයි.
පාසල් අවසාන වී හවස පංති ඉවර වී දැහැමි ආවේ හොදටම මහන්සි වී බඩගින්නේයි.අම්මා තවම නැත .කමක් නෑ තව ටිකක් බලනවා.
රාත්‍රිය උදා උනත් දයාවතී නම් ආවේ නැත.දැහැමි හොදටම බය වී ගෙයක් ගෙයක් ගානේ ඇවිද්දත් අම්මා නම් මුන ගැසුනේ නැත.පසු දින හවස් වන විට දයාවතී ලිදක් තුල මැරී හිද ගොඩ ගැනුනේ ගම්මුන් විසින්.
එදාවේල කන්නවත් මුදල් නැති දැහැමි අම්මා නමින් හඩන්න විය .රෝහලට ගෙනිච්චත් හිටියේ දැහැමි විතරයි .
"අනේ බුදු දොස්තර මහත්තයා මගේ අම්මා මාව දාලා ගිහින් නෑ නේද .මට ඉන්නේ අම්මා විතරයි .අපි දෙන්නා දවසම උදේ කහට එක බීලයි ඉන්නෙ.හවස තමයි මොනා හරි උයන් කන්නෙ.අනේ දොස්තර මහත්තයෝ මගේ අම්මා බඩගින්නේ ඉන්නේ.මට උගන්නන්න තමා අම්මා මහන්සි වෙන්නෙ.ඒත් මට මගේ අම්මට එක වේලක් කන්න දෙන්න බැරි උනා.බලන්නකෝ මගේ අම්මගේ අතේ කරගැට .අනේ සර් මගේ අම්මා බේරලා දෙන්න."
දොස්තර මහත්තයාගේ පපුවත් වේදනාවක් දැනෙන්නට විය .ඒ ඇඩිල්ල අසන ඕනිම කෙනෙක්ගෙ ඇසට කදුලු ආවේ ඒ අසරන දුක් ගැනවිල්ල හදවතට දැනෙන නිසාමයි .
"ඩොක්ටර් අර මැරුනු අම්මාගෙ දුව කලාන්තෙ වෙලා.ටිකක් වීක් වගෙ."
"හරි මම එන්නම් ."
"ඩොක්ටර් "
"මගේ අම්මා"
දවස් තුනක් සේලයින් පමනක් දිදී දැහැමි ඉස්පිරිතාලෙ හිටියේ සිහිය නැතුවයි.
ඩොක්ටර් සත්සර ඒ අහිංසක මුහුනට ඒ වේදනාවට දුක් වූයේ අවංකවමයි .
"ඩොක්ටර් අර ගර්ල්ට සිහිය ආවා."
"හරි මම එන්නම් "
කෙල්ල අඩ අඩ බලාගත්ත අත බලාගෙන ඉන්නේ වේදනාවෙන් .ඒ ඇස් කදුලු ගලන්නට විය .
"ඔයාට හොදයිද"
"මට මොන හොදක්ද දොස්තර මහත්තයා .මගේ අම්මා කෝ.මට එයාව බලන්න ඕනි .දැං මං තනි උනා.මගේ අම්මවත් තාත්තා අඩගහගත්තා."
"ඔයා දවස් තුනක් සිහිය නැතුව මෙහෙ හිටියා.අම්මව හොස්පිටල් එක ගානෙ වලදැම්මා."
"මගේ අම්මව බලන්න ඕනි.බුදු මහත්තයෝ."
"අහන්නකෝ ඔයාට සිහිය නැති හින්දම මට හිතුනා ඔයා ගොඩක් දුක් වෙයි කියලා.අම්මව බලන්න බැරි උනු එකට ඉන්න මම පොටෝස් ගත්තා.ආ මේ බලන්න."
දැහැමි අඩ අඩ අම්මාගේ අවසන් කටයුතු බැලුවේ දරාගන්නට නොහැකි දුකකින්.
සිහින පිස්සුවෙන් වගේ දැහැමිව පාරක් පාරක් ගානේ හොයන්නට විය .ඒත් හෝඩුවාවක් දැනගන්න නැත.ඒ ඇස් ඒ මූණ අවුරුදු කීයක් පෙරුම් පිරුවද ලබාගන්න.පාසල් වැඩ කටයුතු අතපසු විය .
" මගේ පණ කොහෙද ඉන්නෙ.දෙයියනේ මාව මැරෙයි.මගෙ කෙල්ල මට හොයලා දෙන්න."
"මොකද බං මේ අඩන්නෙ.ඒකි මැරිලා නෑ.ඉන්නවා."
"කොහේද ඉන්නෙ.මාව මරල ගියානම් මට දුකක් නෑ."
කාලය ගත විය දැහැමි තනියම ඉස්පිරිතාලෙ ඉදන් ගෙදර එන්නට විය .අම්මා නැති ගෙදර ඉන්නට සිතක් නම් නැත.අම්මාගේ මතකය තවමත් දෝන්කාර දෙන්නට විය .
රාත්‍රිය තනියම නිවසේ ඉන්නා දැහැමි බයේ ගුලි වී අයිනකට වී ඉන්නට විය .
එකවරම කවුරුන් හෝ දොරට තඩිබාන්නට විය .දැහැමි ඇස් දෙක තවත් පියාගත්තේ බයටමයි.හරි හමන් දොරක් නැති ගෙට කවුරුන් හෝ ගොඩ විය .
"ක ක ක වු ද?"
"මම මුදලාලි "
එක වරම ටෝච් එලියක් වැදුනු අතර මුදලාලි කෙල හලමින් දැහැමි ලගට කිට්ටු විය .හිමින් ඒ මුහුණ අල්ලන්නට විය .එහෙම්මම දැහැමි නැගිට්ටවා බිත්තියට හේත්තු කර ඇයව සිපගන්නට විය .දැහැමි බයත් ඇගට පණක් නැති නිසාත් එහෙට මෙහෙට වැනුනා පමණි .මුදලාලි දැහැමිව සිපගන්නට විය .
"උබෙ අම්මත් උබ වගෙමයි.එදා කොච්චර මා එක්ක හිටියද?"
මුදලාලි උජාරු කියවන්න විය .ඇගේ නිදාසිටි සිංහයෙක් අවදි වෙන්නට විය .එහෙනම් අම්මා ලිදට වැටුනා නෙවෙයි.මූ අම්මාට කරදර කරලා ලිදට දැම්මා.හයියෙන් මුදලාලි හපාදමා පුලුවන් වේගෙන් දුවන්න විය .පාර පුරා දුවන්නට විය .
මුදලාලි එහෙම්මම මාරු විය .ඈතින් ආ වාහනයට දැහැමි හැප්පුනා මුදලාලි දැක්කේ යන්තමටයි.
දැහැමි ආයෙමත් රෝහල් ගත විය .ඩොක්ටර් සත්සර ආවේ ඇක්සිඩන්ට් උනු ලෙඩා බලන්නයි.
"දෙයියනේ මේ දැහැමි නේද?මොකද උනේ"
දැහැමි සේරම ඩොක්ටර් සත්සරට සියල්ල කියන්නට විය .ඩොක්ටර් දැහැමිට උදව් කරන්නට සිතාගත්තේ ඇය අහිංසක අසරණ නිසාමයි .ඇයව බෝඩිමකට යවා ඉගැන්වීමේ කටයුතු වලට මුදල් සියල්ල සත්සර කලේ ආසාවෙන්.
කාලයත් සමග ඩොක්ටර් සත්සර දැහැමිට ආදරය කරන්න විය .නිතර නිතර ඇය බලන්න ගියේ ආසාවෙන්.දැහැමි විශ්‍ය විද්‍යාලයට තේරී පත් උනු අතර,සිහිනත් විශ්‍ය විද්‍යාලයට තේරී පත් විය .
වසර ගනනාවකට පසු දැහැමි වගේ කෙනෙක් අහම්බෙන් දුටු සිහින ඒ රුව සොයන්නට විය .
ඔව් ඒ ඇයයි දෙයියනේ ඒ මගේම පණ දැහැමි .
"දැහැමී....."
සිහිනගේ කෑගැසීමට දැහැමි බැලුවේ කවුද තමාට කතා කරන්නේ කියායි.
සිහින.......
දැහැමි.....
එහෙම්මම දුවවිත් සිහින තම පපුවට දැහැමිව තුරුළු කර ගත්තේ ඈදරයෙන්.කොහෙද මගෙ මැණික හිටියෙ.දැහැමි සියල්ල සිහිනට කියන්න විය .
"මාව අමතක කරන්න සිහින."
උදේ ඉදන් රෑ වෙනකල් අයියා කියවන හොල්මන අද බලාගන්න පුලුවන් .සිහින කල්පනා කරන්න විය .අයියා වගේ මගෙ කෙල්ලත් මං ලගට ගන්න පුලුවන් උනොත් මට ඒ ඇති.
"අම්මා අයියගෙ වාහනය එනවා.අම්මගෙ ලේලිව බලාගන්න පුලුවන් අද."
සිහිනගේ අයියා ආදරය කරන ගැහැනු ලමයා අද තමයි ඉස්ස ඉස්සෙල්ලම සිහින,සිහිනගෙ අම්මා,තාත්තා දකින්නෙ.
"අන්න අම්මේ ආවා."
සිහින දොර දිහා බලනවත් එක්කම අයියා මුලින්ම එනවා.
"අයියෝ අයින් වෙනවාකෝ වදේ.මගේ නෑනව බලන්න."
සිහිනගේ ඇස් අදහන්නට නම් බැරිවිය .කදුලු ගලන්නට විය .අවුරුදු ගානක් ආදරය කල දැහැමි අද මගේ අයියා ඩොක්ටර් සත්සරගෙ කෙල්ල වෙන්න යනවා.මමයි මගෙම අයියයි දෙන්නම ආදරය කරලා තියෙන්නෙ දැහැමිට .පපුවම රිදෙනවා .දරාගන්නෙ කොහොමද දෙයියනේ .
"අම්මා මේ දැහැමි .මම අම්මාට කිව්වෙ.දැහැමි මේ මගේ අම්මා.දැහැමි අම්මලා ඉස්සරහ දෙයක් අහන්න කැමතී.මම කැමතී ඔයාව මැරි කරන්න......"
"දැහැමි නම් කරකියා ගන්න දෙයක් නැතිව අන්දුන් කින්දුන් විය .දෙයියනේ මේ එතකොට සිහිනගේ අයියා ද"
සිහින එහෙම්මම කාම්බරයට ගියේ අයියා ගැන තරහක් නිසා නම් නොව දුක දරාගන්නට නොහැකි නිසාමයි .සතියකට පසු සිහින පිට රටකට ගියේ ආයෙ එන්න නම් නොවේ.මගෙ අයියා මගෙ කෙල්ල හොදට බලාගනියි.මට මෙහෙ හිටියොත් දුක වැඩී මම යන්න ඕනි.සිහින යන්න ගියේ අයියාට හොදක් වෙන්න සිතාගෙනයි .සහෝදර ප්‍රේමය හමුවේ තම ආදරය දන් දෙන්නට සිහින සිත හදාගත්තේ සහෝදර බැදීම නිසාමයි .
සිහිනගේ පොත් ටික අස්පස් කර අනවශ්‍ය පොත් කුනු කූඩයට දැමූ ආයා අම්මා උයන්නට විය .සත්සර ආවේ කෙසෙල් ලෙල්ල කුණු කූඩයට දාන්නයි.
දැහැමිගෙ පොටෝ එකක්.....
"""""" මගේ පණ ගොඩාක් ආදරය කරනවා .ඔයා කොහෙද.මං මැරෙයි දෙයියෝ """"""
""""""මාව දාලා කොහෙද ඉන්නෙ පණ """"""
දෙයියනේ මගෙ මල්ලි මෙච්චර කල් පිස්සෙක් වගේ හෙව්වේ දැහැමි ද.අනේ මගේ පණ මල්ලි.උගේ පණ මට දීලා ගියාද.ඩොක්ටර් සත්සර සියල්ල තේරුම් ගන්නට විය .
අම්මාට හොදටම අමාරුයි .ඉක්මනටම එන්න.කියා සිහිනව ලංකාවට ගෙන්නා ගෙන තම ආදරනීය සහෝදරයාට දැහැමි බන්දලා දී සත්සර දෙන්නාම පපුවට තුරුළු කරගෙන "සහෝදර ප්‍රේමය තරම් ආදරයක් තව නෑ මගේ මල්ලි .සතුටින් ඉදපන්" කීවේ ආදරයෙන්.
කාලය ගත්විය.දැහැමිගෙ අම්මා අමානුෂිකව දූෂණය කර මරා දැමූ මුදලාලි ජීවිතාන්තය දක්වම හිරේට නියම විය .
ඩොක්ටර් සත්සර ඩොක්ටර් අයේෂා සමග විවහා විය .හැමෝම ලස්සනට ජීවිතය සහෝදර බැදීමත් සමගම ගෙවන්නට විය .
