බිදුනු පන්හිඳ 😔 | Bidhunu Panhida


😔බිදුනු පන්හිඳ 😔

මොහොතකට නැවතී කියවන්න ...සමාජයේ තවත් එක් පැතිකඩක අදෝනාවක්...

................................

වෙලාව උදෑසන 8ට පසු වූවා පමනි.අද පාසලේ සිංහල ගුරුතුමියගේ විශ්‍රාම උත්සවය ...හැමොම ඒ දෙසට ඇදුනත් මාව බලෙන් ඒ දෙසට ඇදෙන්නාක් මෙන් මට දැනින...ඈ මගේ ජිවිතේ හා බොහෝ සම්බන්දයි..අද ඇගේ සමුගැනීමෙ කතාව බාරව ඇත්තේ මටයි...මගේ හදවත ඇදෙන්නෙම පරන මතක ඔසසේමයි...

පාසල් වේදිකාව මට අරුම පුදුම නැත ..පාසලේ ගුරුවරුන්ටත් වඩා මා ඒ මත හිද කතා කර ඇත...

මුලු ශාලාවම ලමුන් පිරී ගිහින් තිබුනා..මහා උත්සවාකාරයෙන් ගුරුතුමිය ශාලාවට පැමිනීයෙ ඒ අතරයි..මම වේදිකාවේ සිට නෙත් ශාලාව පූරා යවන්නට වූයේ දැවෙන හද නිවා ගන්නට වූවද සමුදීමේ කතාව ආරම්භයට පෙර මම අතීතය අව්ස්සන්නට වූයෙ නීමේශයකට දෑස් පියාගෙනයි..

වසර 4කට පෙර....

සදූ උබ ලෑස්තිද බන් තරගෙට..

ඔව් සුබා ඔයා පොඩ්ඩක් බලාගත්තද...

සුබා කියන්නෙ වෙන කවුරුත්ම නෙමෙ මගේ හොදම යෙහෙලිය..අපෙ සිංහල මැඩම් එහෙමත් නැත්තන් චායා මැඩම්ගේ එකම දුව..අපි මේ ලැස්ති වෙන්නේ වාර්ශික පාසල් පද්‍ය රචනා තරගෙට ...

මම වගේම සුබා කවි ලියන්න හරිම ආසයි.මම පාසලේ හොදම තැනක් හදාගෙන හිටියේ ..පාසලේ හොදම කතිකාවිය වගේම දක්ශතම ලේකිකාව පිට පිට වසර 3ක්ම මට ලැබුනා...
මේ පාර සුබා තරගෙට ඉන්නවා..විනිසුරු මඩුල්ලේ චායා මැඩම් හිටියත් කවුරුත් එකට ප්‍රශ්න නොකලේ ඇය ඇගේ දුවටත් වඩා මට ලැදි වූ නිසාවෙන්...

ටිකෙන් ටික තරග දින ලන් වෙලා තරගය උදා උනා..මම වගේම සුබාත් තරගෙට මූන දුන්නා..

මුලු පාසල ඉදිරියේම ප්‍රතිපල කියන්න ලැස්තී..මගේ පපුව වේගෙන් ගැහෙනවා ..සිතිවිලි සමුදායක් හිතේ ගලන් ආවා. සුබා උනත් පිලිගත්තේ මම දිනිය යුතු බව..

මක්‍රොෆෝනය අවදි උනා..

දෙවන ස්ථානය සදු ජයසේකර..

ප්‍රථම ස්ථානය සුබා ප්‍රබාශ්වරී...

නිකන්ම වගේ මගේ ඇස් වලින් එලියට කදුලු පැන්නෙ බලාපොරොත්තු මගේ පය පාමුන සුනු විසුනු වෙද්දී..වේදනා බර හිතින් මම වේදිකාවට ගියේ මගේ සහතිකය හා ලියූ කවි නිර්මානය ලබාගැනිමටයී...

වේදිකාවේන් නික්මුන මා කවි කොලය දෙස බැලුවේ ඒ මත මගේ කදුලු තෙත් කරමින්..

මගේ හද දෙදරා යයි..ඒ මගේ අත අකුරු නොව..මා තරම් ඒ අකුරු කවුරු දනීද..ඔව් ඒ සුබාගේ අකුරු..මාව වෙව්ලන්න ගත්තා...පුලුවන්නම් ලොකේටම ඇහෙන්න විලාපය තියනවා...

උන් හිටි තැන් අමතකව ගියා..යමෙක් ඒ මත ඒ නම මකා මගේ නම ලියා ඇති බව අදුන ගන්නට මට වෙලා ගියේ නෑ..

මම ගියේ සුබා වෙතට...අමාරුවෙන් හිනා උන මා

සුබා කොලේ ටිකක් දියන්කෝ..ඈ එය ප්‍රතික්ෂේප කලත් කොනකින් මෙන් මම මගේ අකුරු ඒ මත දැක්කා..හිත කඩාගෙන වැටුනා..අදෝනා තියන්න හිතුනා.. මම වියරුවෙන් ගියේ චාපා මැඩම් ගාවට ඈ මා නොදැක්කා මෙන් ගියා...විදුහල්පතිනිය හමුවූවත් එහි මගේ නම සටහන් වූවෙන් මෙන්ම ගුරුවරියකට වැරැද්දක් කිමට කවුරුත් එකග වුනේ නෑ...

ඔව් ඒ තමා මම අවසායටම කවියක් වෙනුවෙන් පන්හිඳ අතට ගත් දිනය....

ඉබේම දැස් විවර වන විට සිහිවුයේ සියල්ලන් මා දෙස බලා සිටී ,,මම ඉන්නෙ වෙදිකාවේ ..ඒ ඇයටයි මම අද සමුදෙන්නෙ ..නොදැනිම කදුලක් ගලන් එද්දි මම මගේ හඩ අවදි කලා...

අවසරයි සියලුදෙනා ගෙන්ම..

අද අපේ චාය මැඩම් අපේ පාසලට වගෙම ගුරු ජීවිතයට සමුදෙනවා...ඈ වැනි අව්‍යජ අපක්ෂපාත චරිතයක් මා දැක නෑ.මගේ පාසල් ජීවිතේ ලොකුම පාඩම මා ඉගන ගත්තෙ ඇගෙන්....ඈ වැනි ගුරුවරු ලැබිමට අපි පින් කර ඇත..ඔබට දීර්ගයූ මෑනියනී...

ස්තුති..

කතාව අවසානයේ ඇගේ මුහුන දුටු මට හැගුනේ.කඩු දුනු වලට වඩා වචන විටෙක අවියක් වන බවයි..මම ඈයට වෛර කරන්නෙ නැත..මා එකක් දනිමි..මගේ අද කල කතාව ඇයට අමතක වෙන්නෙද නැත..

නිමි


Comments System WIDGET PACK