ශාපලත් දිනපොත පළමු කොටස | Shapalath Dinapotha
#ශාපලත්_දිනපොත
.................................
එදා 1983.10.02වෙනිදා.කැතරිනා වීදියට යන්නේ එදින තියන සිය ස්වාමියාගේ උපන්දිනය වෙනුවෙන් ඔහුට තිලිනයක් ගන්න..........රටෙ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වන ඔහු නමින් අන්තෝනියො.....ඔහු කලාව හා ඒකාබද්ධව කටයුතු කරවූවෙක්...........කැතරිනා විදියේ කොනේම පැවති පරන බඩු කඩෙට යන්නේ අන්තෝනියො පරන දේට බොහෝ අශා කල නිසා.........
"මේ උන්නැහේ මොනාද තියන නිර්මාන ඒම"
හැරමිටියක් අත දරා වෙව්ලන දෑතින් සිටි කඩයේ මහල්ලා ඇමතූ කැතරිනා පරන බඩු අවුස්සමින් බොහො වෙලා අන්තොනියොට තිලියණයක් හෙව්වත් ඇගෙ හිතට ගැලපෙන තිලිනයක් හම්බෙන්නෙ නැ..එක වරම රක්කය මතින් දඩා...ංං ගා ශබ්ද නගමින් යම් කිසි දෙයක් වැටෙනවා..ඒ දෙසට නෙත් යොමන කැතරිනා දකින්නෙ ලස්සන පෙට්ටගමක බහා තිබෙන දිනපොතක්....
"මේ උන්නැහේ අර පොත දෙන්න"
දුවිලි වලින් වැසි ගිය පෙට්ටගම සිය අත් ලේන්සුවෙන් පිස දාන කතරිනාගේ ලේන්සුව තද කලු පැහැ වන්නේ ඒ තරමට දූවිලි බැදි නිසාවෙන්...
පෙට්ටගම විවර කරන ඈ දනින්නෙ එහි තද කලු අකුරින් නමක් සටහන් වී තිබෙනවා..#මරියානා_මැතිවුස් #1943
................................
මරියානා මැතිවුස් යනු කවුරුත් දන්නා දක්ශ චිත්‍ර ශිල්පිනියක්..ඈ ප්‍රෙහෙලිකා චිත්‍ර නිර්මාණය කරන අතිවිශිශ්ට ශිල්පිනියක් .........කතරිනා පුදුම වන්නේ එවැන්නියකගේ දින පොතක් මෙසෙ හමුවීම පුදුමයක් බවයි................කෙසෙ වෙතත් අන්තෝනියෝට සුදුසුම ත්‍යාගය හමුවූවයි හිතන ඈ එය මිලදී ගෙන පිටව යනවා................
.................................
මැදියම් රෑ වෙනදාට වඩා බොහෝ මුසල විය.......ගස් වැල් අබරා බිම දමන හුලග ....හුලග සමගින් එන අමුතු හඩවල් වසා තැබු ජනෙල් පියන් එකි නෙක ගැටෙන්නේ මහ මුස් පෙන්තු අයුරින් ...මෙතෙක් වෙලා දැල්වුනු බල්බයක් සිදි කුඩු වී යන්නේ අන්තෝනියෝ නිවසට පැමිනෙද්දීමයි........
දොර විවර වනවා සමගම බිදි යන වීදුරු කැබැල්ලක් අන්තොනියෝගේ නලලේ ඇනෙන්නෙ කුඩා තුවාලයක් වූවද ලේ නතර නොවි ගලමින්...සිය අත මත තිබු ලේන්සුවෙන් නලල තබන අන්තෝනියො කැතරිනා සනසාලනවා.......
කැතරිනා අත තිබු දින පොත බිම වැටෙන්නේ අන්තොනියෝගේ නලල තුවල වූ අවස්තාවේදි.........
ඒ දැක අන්තෝනියො පොත අතට ගෙන විවර කරන විට මෙහෙත් නලලෙහි තැම්පත්ව තිබු ලේන්සව ගිලිහි ලේ බින්දු කීපයක් පොතේ මුල් පිටුම මත සටහන් වෙනවා....
පුදුමයකි වැටුනු වහාම ලේ අතුරු දහන් වන්නේ කිසිවෙකු උරා බීවා මෙන් ......ලේ බි සැනසූවා මෙන් පරිසරයදා ශාන්ත වනවා.........
"කැතරිනා ඔයාට කොහෙන්ද මරියානා මැතිවුස්ගේ දින පොත"
"කොහොම හරි ඔයා මේකට ආසද කියන්නකෝ"
සිදු වූ දෙය එතරම් ගනන් නොගෙනපු දෙදෙනා කතා බහට වැටෙනවා..........
බෝජන ගන්න ගියත් ආහාර ගැනිමට එතරම් ප්‍රියක් නොතිබුන අන්තොනුයො ගිනි උදුන අසලට යන්නේ ඒ අසල හාන්සි පුටුවේ දිගා වී දින පොත කියවීමට..............
දින පොතෙ එකදු අකුරක්වත් නැත.සියල්ල ගෙත්තම් කර තිබුනේ සිතුවමින්...එපමනක් නොව ඒ සිතුවම් තේරුම් ගත නොහැක ..සම්පුරන ප්‍රෙහෙලිකා පමනි...
.................................
ඒ අසලට එන කැතරිනා හඩ අවදි වනවා..
"ඔයා දන්නවද ඕක මම ගත්තෙ වීදි කෙලවරේ කඩෙන්......."
විස්මයට පත්වන අන්තෝනියො කිසිවක් නොකියාම නිදි යනහට වැදෙන්නෙ එවැනි තැනක කෙසේනම් මේ පොත තිබුනාද හිතමින්...................................................
ලා හිරු රශ්මිය කවදාවත් නොමැතිව මුනට තදින් වැටෙද්දි අවදි වන අන්තොනියො පුදුම වන්නේ ඔහු ඉන්නේ පාලු පිට්ටනියක.කොයි මොහොතක මෙතනට ආවද ඔහුට මතක නැත...නමුත් තනියම නොව දින පොතද ඔහු අසලය....දින පොත අතට ගත් අන්තෝනියෝ පොත විවර කරනවා සමග පිටු පෙරලි යන්නට විය .හිස් පිටිවක් මත නතර වූ පොත අන්තෝනියොට හිතන්නටවත් ඇසිල්ලක් ඉතිරි නොකර අසල තිබු විදුරු කට්ටකට අත කැපි පොතේ පිටුව ලෙයින් ගෙත්තම් විය..................
ලේ මතින් චිත්‍රයට නැගුනේ ප්‍රෙහෙලි කාවකි............
කිසිවක් වටහා ගත නොහැකි තැන ඔහු පිටවෙන්නෙ කඩ වීදියට.......
එහි සිටින්නේ අන්තෝනියො දන්නා තෝමස්..තෝමස් යනු අවුරුදු 19ක පමන කොලුවෙකි..
"අහ් කොල්ලො මේ පොත කොහෙන්ද"
"මම කෝමද දන්නෙ මහත්තයෝ .."
"ඇයි කැතරිනානේ ඊයේ ඇවිත් තිබ්බේ"
" ඒක වෙන්න බෑ මහත්තයෝ මම ඊයේ කඩෙ වහලා තිබ්බේ "
.............................
දින පොතේ කතාව මොකක්ද මරියාන මැතිවුස්ගේ දින පොත කියන්නේ කුමක්ද...කවුද ඒ මහලු මිනිසා .........
දෙවන හා අවසන් කොටසින් හෙට
මතුසම්බන්ධයි
