මියගිය කතකට පෙම් කලෙමි💀😔☠️ දෙවන කොටස අවසානය | Miyagiya Kathakata Pem Kalemi
දෙවන හා අවසන් දිගහැරුම....
මියගිය කතකට පෙම් කලෙමි💀😔☠️
☠️😔💀☠️😔💀
ශශීන් උන් තැනින් අඩි දෙකක් පස්සට විසි වුනේ ඉබේමයි...විනාඩි කීපයක් නිහඩ වූ ශශීන් වෙව්ලන ස්වරයෙන් හඩ අවදි කලා....
"ඒ.....ඒ....ඒක...වෙන්නේ කොහොමද...නෑ ඒක වෙන්න බෑ"
ශශීන්ගේ හිතේ බයකට වඩා ගැබුරු වේදනාවක් ...කදුලු රූරා දෑසින් එලියට පැන්නේ නොකියාමයි...
.............................
"මහත්තයො මට දැන්නම් ඔය සිද්ධිය හරියට නිච්චියක් නෑ..මේම කරමු මහත්තයා ඔය පාරෙ දිගටම යන්න ...වන්ගුවක් ඇති එතනින් දකුනට හැරෙන්න ඒ පාරේ කොල පාට තින්ත ගාපු ගෙදර තමා ඔය අපේ සොමේ මහත්තයගේ ගෙදර...
යන්න තියා මට කකුල් වත් වාරු නැත..මුලු සර්වාන්ගයම වෙව්ලයි..හදවත ඉකිබිදි..සමාජ සම්මතයේ පිරිමියාට අඩන්න තහනම්...
"පිරිමි හිතට දුක දැන්නේ නැද්ද ..පිරිමි හිත් හිත් නෙමේද..."
මම මටම ප්‍රශ්න කලා...අවසිහියෙන් වගේ මම ඇදුනේ ඒ සෝමේ ග්‍රාමසේවක නිවසට.....
...............................
මට ගෙදර කවුද යන්න ඇසීමටවත් සිහියක් නැත...ගෙමිදුලේ මැරුනු මිනියක් මෙන් මම නිසොල්මන්ව උන්නා.....
...............................
"මහත්තයෝ මොකක්ද රාජකාරිය.."
කිසිවෙකුගෙ හඩින් මා පියවි සිහිය ලැබුවා දැනින..
"ආ.....මේ මම ගේ ඇතුලට එන්නද.."
"එන්න මහත්තයා"
"මට වතුර එකක් දෙනවද"
මුලු වතුර වීදුරුවම එක උගුරට බීගෙන ගිය මගේ ඇස් නතර විය..
ආදරෙන් මා පෙම් කල ඒ යුවතියගේ චායරූපය ගේ බිත්තියේ මල් මාලවක් සැරසී..දෙවියනේ පෙම් කල රුවක් අවසන් ගමන් ගොස් දැකීම මා දවයි....
ප්‍රශ්න පත්තරයකි...එතකොට මම පෙම් කලේ මැරුන ආත්මයකටද....
..........................
"මේ ෆොටො එකෙ ඉන්නේ දිව්‍යා නේද..."
"ඔව් මගේ කෙල්ල මහත්තයෝ අවුරුද්දකට උඩදි නැති උනා ..ගමේ එද්දි හැප්පිලා වාහනේකට..මගෙ අහින්සකී..."
.........................
දිව්‍යාගෙ මව හඩන්න ගත්තා....
................................
තවත් දරා ගත නොහැක මම සිදුවූ සියල්ල වමාරන්න උනා....සියල්ලන්ගේ ඇස් විශාල වී....
සියල්ල අවසානේ තම කාමරෙන් පිටතට ආවේ තරුනියක්..ඒ දිව්‍යාගේ නැගනී...
නමින් තාරා...
"අම්මේ අක්කා නිවාඩු ආවාම නිතර ඔය බස් එකෙ කොල්ලෙක් ගැන කියනවා .එයා ගොඩක් ආසාවෙන් හිටියේ කතා කරන්න...ඒත් අක්කට නැති වෙන්න කලින් ඒක ඉශ්ට කරගන්න බැරි වෙලා...
..............................
දිව්‍යා මට එතරම් ප්‍රේම කලාද....මිය ගිහිනුත් ආදරේ හොයන් ආවද....මම කල්පානා කරමින්ම යන්නට උනා.....
................................
ඇගේ ප්‍රේමය අමරනීයයි..ඇගෙ මතක සිහි කරමින් මම යන්නට වෙද්දී ඒ රුව මට නැවත නොදකීදෝ හිතුනා.........
ඇසිල්ලකින් කිසිවක් සිදු වූවා දැනුනා ...දෑස් පිය වුනා...නැවත දෑස් හරිද්දී මගේ අසල ඒ රුව..ඔව් ඒ දිව්‍යා....කෙසෙ විය හැකිද ....ඈ මට සමුදුන්නනේ..
හැරි බලන විට මගේ ගත ලේ විලක් මැද ...මිනිසුන් ඒ මේ අත දිවෙනවා...වේගෙන් ආ වෑන් රියක් මගේ හුස්ම අරන්.....
ඒත් ඈ දැන් මා සමග ......
..........................
සැබෑ ප්‍රේමවන්තයෝ හමුවන්නේ ජිවත්ව ඉන්න තුරා පමනක් නොව.....
හුස්ම නැවතුන තැන නුබේ......
මා සොයා නුබ එන්නැති........
නුබේ හුස්ම නැවතුන බවක් දැන....
මගේ හුස්ම නවතින්නැති.....
............................
ඒ ආදරේ සදා අමරනීයයි ..
නිමි
