මියගිය කතකට පෙම් කලෙමි💀😔☠️ පළමු කොටස | Miyagiya Kathakata Pem Kalemi


මිය ගිය කතකට පෙම් කලෙමි💀😔☠️

☠️😔💀☠️😔💀

බස් එකට නැග්ග ගමන් මම බස් එක සිසාරා මගේ ඇස් යැව්වේ මම හැමදාම දකින්න ආශා කල ඒ රුව දැකීමට ...කිසි දිනෙක කතා කර නොතිබුනත් නමක් ගමක් නොදන්නවා වුවත් ඒ රුව දැකීමට මා පුදුමාකාරයෙන් ආශා කලා..ඈ පවා හොරෙන් මා දෙස බලන වාර අනන්තයි..ඒත් අද ඒ රුව බස් රථය පුරා හෙව්වත් මට දක්නට ලැබුනේ නෑ...

..............................
සතියක් ගෙවිලා ගියා ..සති දෙකක් ගෙවිලා ගියා ..ඒත් ඒ රුව ආය කිසිම දිනෙක මට මුන නොගැසේවිද සිතුනා..

කෙසේ හොයන්නද..මේ කොලඹ නගරය කොලඹ අයට වඩා පිට ගම් වල නිවහනක්...ඒ සුන්දරිය කොහෙද කොහේ සිටිද ..නමක් වත් නොදැන මාස ගනනක් පුරා ඒ අහින්සක රුව දැක පමනක් සැනසුන මා කෙසේනම් ඇයව හොයාගන්නද......

.................................

කෙසෙ වෙතත් මා දැන්නම් මටම දොස් නගාගනි ....

"මට එයා එක්ක කතා කරන්න තිබ්බා...එයත් මට කැමැත්තෙන් ඉන්න ඇත්තේ ..ඒක එයාගේ බැල්මෙන්ම මට පෙනුනා...ශික් මම තමා කල් ඇරියේ ...මම කොහොමද හොයාගන්නේ".

මා මෙසෙ මටම දොස් නගා ගත් වාර අනන්තයි..ඇස් පියවෙන විට ඒ සුදු මූන රැලි කොන්ඩේ ...මගේ ඇස් මායිමේ චිත්ත රූප මවයී...

ඈ නොදැක අදට සති 2ක් ..මට මා ඒ සුන්දරියට කොතරම් ඇබ්බැහී වීද වැටහෙන්නේ දැනුයි...

..............................
දැන් මා වැඩට යන්නේද මහා වියෝවකින්..බස් එකට නගිනවා බහිනවා වන්නේ ඉබේමයි..
.............................
සති දෙකක් පුරා නොනිදපු මගේ ඇස් බස් එකෙ ජනේලය කෙලවර හිද ගත්තේ වැදෙන හුලන් පාරෙන් මගේ දෑසට සියුම් සුවයක් ලබාදීමට...

කිසිවෙකු මා හිද ගන්නවාවත් මට නොදැනිනි...එකවරම මා තිගැස්සුනේ යමෙක් මගේ අත ස්පර්ශ කරනවා දැනීමෙන්.....ක්ශනිකව බැලු මාගේ දෑස් අදහා ගත නොහැක ..මෙතරම් කල් මා සෙවූ ඒ සුන්දරිය....

මට පෙර මගේ වචන ඉස්සර විය..

"දෙයියනේ ඔයා කොහෙද හිටියේ ..මම කොච්චර හෙව්වද"

බස් එකෙ මිනිස්සු මා දෙස අමුතු බැල්මක් හෙලයි ..මගේ වචන ශබ්ද වූවා වැඩිවූවාදෝ....

...............................
මම ගෙදර ගියා ..අපි මෙහෙ නෙමෙ මම අනුරාධපුර
..................................
සේනපිටිය ගමේ...

"හ්ම්ම්ම් හරි ඔයා ආවනේ ..මම ශශීන්"

"ම්ම්ම් මම දිව්‍යා"

..............................මෙතරම් සමිපයෙන් උබ දුටුවම හිතුන නම කියන්න ඔනෙත් නෑ ..උබ දිව්‍යංගනාවක් කියලා....

..................................

දින ගෙවිලා යද්දි ටිකෙන් ටික අපි අපිට ලන් වුනා ප්‍රේම වන්තයෝ උනා......

ඒ ඇස් දිහා බලන් වරු ගනන් මම හිටියා....ඒ පුන්චි අහින්සක ඇස් අස්සේ මහා ලස්සනක් මම දැක්කා......................

අවුරුද්දක් විතර යද්දි එක දවසක් ...

"ශශීන් මට යන්න කාලේ ඇවිල්ලා"

"කොහෙද දිව්‍යා ..ගෙදරද..."

"ඔව් මගේ අලුත් ගෙදරට"

"අලුත් ගෙදර කීවේ"

ඈ කිසිවක් නොකියාම එතනින් නික්මුනේ ප්‍රශ්න කෝටියක් මට මවමින් ....

පසු දින ඈ එන තුරු හිටියත් ඈ අවේ නෑ ..දින 4ක් හිටියා ...දිව්‍යා ආවේ නෑ...ඈ ගෙදර යා යුතු බව කී නිසා දිව්‍යා හොයාගෙන මම ගමට ගියා...

................................

ගමේ කඩමන්ඩියේ නතර උන මම

"මේ මාමේ දිව්‍යා කියලා කෙනෙක් ඉන්නවද..."

"වයස කීයක් විතරද මහත්තයෝ නමින් ඉතින් කීවට දන්නේ නෑ ..ෆොටො එකක් තිබ්බනම්.."

"දිව්‍යා කිසි දිනෙක චායරූපයකට හිටියේ නැත..ඒ මන්ද යන්න මා නොදනී...."

"ම්ම්ම්ම්ම් ඒමනම් නෑ ...අහ් සෝමපාල කියලා ග්‍රාමනිලදාරි කෙනෙක්ගේ දුවක්.."

"මොකක් සෝමේ මහත්තයගේ දුව"

"ඔව් ඇයි...."

ඒ කෙල්ල මැරිලා අවුරුද්දේ දානේ දුන්නේ මේ ලගකදි මහත්තයො..මයේ හිතේ සති දෙකක් නෑ..............

..................................

ශශීන්ගේ හැගීම කුමක් වන්නට ඇද්ද..ඉස්සරහට කුමක් වේද...දෙවනි කොටසෙන් දෙන්නම්
...........

මතුසම්බන්ධයි

Comments System WIDGET PACK