ලේ පැල්ලම💀💀 පළමු කොටස | Lee Pallama


ලේ පැල්ලම💀💀

☠️☠️☠️☠️☠️☠️

"අනේ දෙයියනේ මන් කෝමද ඉවසන්නේ....මම කොහොමද බන් ශශි නැතුව ඉන්නේ..."

වේදනාවෙන් කෑමොර දුන්නෙ චතුර ඔහුගේ මිතුරා වූ අමිත්ගේ උරහිසට බර වෙමින්....

"ඇයි බන් මගේ මල්ලිම මට ඒම කලේ"

මේ අහපන් චතුර දැන් ඇඩුව කියලා මැරුන අහින්සක ශශිවත් අතුරුදහන් වෙච්ච උබේ මල්ලි මලිත්වත් එන්නෙ නෑනෙ...

අනික බන් උබට හිතන්න තිබ්බා ගින්දරයි පුලුනුයි එක ලග තියන්න හොද නෑ කියලා...බලමුකෝ පොලිසිය තාම හරියට හොයාගත්තෙ නෑනේ ..මොකක්ද උනේ කියලා....

...............................
මේ සන්වාදය කිසිවක් ගැන නොව චතුරගේ බිරිද ශශීගේ මරනය සම්බන්දවයි..මරනයට සැකකරු කිසිවෙකුත් නොව චතුරගේ එකම සහොදරයා මලිත්ය...

චතුර විවාහ වී තාමත් අවුරුදු 2ක් ගත උනා පමනි..චතුරට සිටියේද මලිත් පමනයි මීට මාස 7කට උඩදී ඔවුන්ගේ පියාද අන්තරා වූවයින් පසු චතුර මලිත්ව තමා ලගට ගෙන්වා ගන්නෙ .. මීට වසර ගනනාවකට පෙරාතුවම ඔවුන්ගේ මවත් ඔවුන් හැර ගිය නිසාවෙන්..

චතුර අවුරුදු 27ක තරුණයෙක්..මලිත්ටත් තාම 25කි...ශශි මිය යන විටත් අවුරුදු 23ක පුන්චි කෙල්ලෙක් ...අද අමිත් චතුරට ගින්දරයි පුලුනුයි එක ලග තැබුවා කිමට ප්‍රදානම හේතුව මෙය වේ...

ශශීගේ මරනයත් සමගම මලිත් අතුරුදහන් වීමත් ඒ වගේම ඒදින චතුර වෙනදා මෙන් වැඩට ගොස් සිටි නිසා ඔහු නිවසේ නොසිටීම ශශි මලිත් පමනක් නිවසේ සිටිමත් මෙයට මලිත් සැක කරු වීමට ප්‍රදානම හේතුවය...

අදට ශශි නැති වී දින 3ක් ගෙවුනත් මරන පරීක්ෂණ හා නිතිමය කටයුතු නිසා ඈගෙ අවසන් කටයුතු කිරීම පවා චතුරට අහිමී...

ඔහු අතීතය පාරවයි..

ශශී යනු දාහකින් සොයාගත නොහැකි ස්ත්‍රියකි...ඔහු වැඩට යන විට ඔහුගේ ටයි එක ගැටගහන්නෙද ශශීය....උදෑසනම අවදි වී කෑම සකසා ඈ විසින්ම ඔහුට කවයි...

"මගේ රත්තරන් වෙලාවට කන්න ඔනී..."

ශශි නිතරම උදෑසන චතුර පිටවන විට කියන මන්තරයකි...

චතුරගෙ මිතුරා අමිත් ඔහුව සනසයි..

"මචන් ඔය මරනේ වෙලා තියෙන්නෙ පොලිසියෙන් කියන විදිහට කවුරු හරි ශශිට කරදර කරන්න හදලා..ඒත් එයා අතක්වත් තියලා නෑ...ඌ පන්නද්දි තමයි ශශි උඩින් පහලට වැටිලා තියෙන්නේ...මලිත් හොයාගත්තනම් ඔක්කොම හරි..."

පොලිසිය පිස්සු බල්ලන් මෙන් මේ ගැන හොයයි..ගේ පරික්ශා කලද ශශීගෙන්ද කිසිදු සලකුනක් නොවීය ...

............................
බෝහෝ වෙහෙස වූ පොලිස් මහතුන් දෙදෙනෙක් ගොඩවෙන්නෙ ගමේ කඩේට... තේ එකක් බොන ගමන් ඔවුන් මුදලාලි සමග කතාවට වැටුනා...

"ඔහේ කවද්ද ඔය මලිත්ව දැක්කේ..."

"ඔය නෝන නැතිවුනයි කියන දවසේ ආවා මහත්තයෝ කඩේට ..හැබැයි නැති උනා කියන ආරන්චිය එද්දි මිනිහා නෑ ...එදා ඉදන් අද වෙනකන් මම දැක්කෙ නෑ"

"ම්ම්ම්ම් එහෙමද...."

එතනින් පසු කහට කෝප්පය අතට ගත් පොලිස් නිලධාරියාගේ හඩ අවදිවිය..

"මරන පරීක්ෂණේට අනුව කෙල්ල නැති වෙලා තියෙන්නෙ බදාදා ..වෙලාව 9- 9.30අතර වෙලාවක..."

එක වරම කඩහිමියා මවිත විය ..

"මොකක් ඒක වෙන්න බෑ රාලහාමි..කොල්ලා අවේ කඩේට 8.30 විතර වු යද්දි මෙතනිනුත් 10ය පහු වෙලා...මෙතන දාන් ලෑල්ල බදාගෙන උන්නේ ..අනික ආවෙත් ඔය ශශි කෙල්ලට දවල්ට උයන්න බඩු ගන්න ..මමමයි බැනලා එලෙව්වෙ අක්කා උයන්නේ නැද්ද පලයන් කියලා...

ප්‍රශ්නය අව්ල් ජාලයක් වෙන්නට විය..පොලිස් කාරයා කුපිත වී

"දැන්ද මිනිහො කියන්නේ"

"ඉතින් රාලහාමි කෙල්ල නැති වෙලා කියලා අපි දන්නේ 12හට විතර ගමේ අය...එතකන් කවුරුත් දන්නෙ නෑ ...ඉතින් අපි ඔවා දන්නවයෑ... "

එසේනම් මලිත් අතුරුදහන් වූයෙ ඇයි...මලිත්ට කුමක් වන්නට ඇත්ද...එසේනම් ශශිගේ මරනයට හේතු වූයෙ කවුද....

ශශිට වූයෙ කුමක්ද....

...............................

මතුසම්බන්ධයි


Comments System WIDGET PACK