ඇදුරුතුමියයි ප්‍රේමයේ තුන්වන කොටස | Aduruthumiyayi Premaye

තුන්වන කොටස

😁😁😁😁😁😁😁😁😁😁😁😁

"අම්මෝ හි හි හි යකෝ බලපන්කෝ තොගෙ මූණේ හැටි. යනවා ගිහින් මූණ හෝදගෙන එනවා."

අම්මපා අසංකයාගේ මූණ ග්‍රීස් යකාටත් වඩා කැතයි.අලයාත් හූනාත් හිකිස් හිකිස් ගගා හිනා.

"අම්මපා කොහොමද යකෝ උඩින් ගොම්බෙට් ආවෙ.ආ අර අසමජ්ජාති දෙන්නගෙ වැඩක් වෙන්න ඇති.හිටපන්කො කරන්න හොද වැඩක්."අසංක තමාටම කියාගන්නට විය .

"අම්මෝ බං අන්න අපේ මිස් එනවා."

"සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සන සුදුයි
ඇත්තටම ඔබ මගෙයි"

🤺🤺🤺🤺🤺🤺🤺🤺🤺🤺🤺

"කවුද ආ දැං උබලා ඉස්කෝලේ එන්නේ ලව් කරන්නද?"

එහා පංතියේ හිටි ප්‍රිංසිපල් සර් අලයාගේ පස්සට වේවැල් පහරක් දුන්නේ දුවන්න තියා හිතා ගන්නවත් වෙලාවක් නැතුවයි.

"දනගහනවා."

"අම්මෝ අලයා දනගහලා ඉන්නකොට තියන ලස්සන "
"බලාගෙන උබ රෝල් වෙලා යයි."
"අනේ පල .......... යන්න"

"ආයුබෝවන් ලමයි "
"ආයුබෝවන් මිස්"

"මොකෝ අද මේ බිම "
"නිකං මිස් ඉන්න හිතුනා ටිකක් ඇග අඩුවෙන්නත් එක්ක."

"ලමයි පොත් ගන්න බලන්න.කවුද මං කියපු වැඩ කරගෙන ආවෙ."

අම්මෝ මුලු පංතියම කිසි සද්දයක් නැහැ.මිස් පංතිය දෙසම බැලුවත් කිසිවෙක් නැගිටින පාටක් නැහැ.

"දිදුන කලෙත් නැත්ද"

ශබ්දයක් නැත .

"යනවා සේරමලා අර අව්වෙන් කන්දෙක අල්ලගෙන දනගහනවා ."

මුලු පංතියම අව්වෙ .මිස් පංතියේ ලමයින්ගේ පොත් බලන්න විය ..එකින් එක ලමයින්ගේ මේස වලට ගොස් පොත් බලන්න විය .දිදුනගේ පොත අතට ගත් සේපාලිකා මිස් පිටු එකින් එක පෙරලන්නට විය .ලස්සන අත් අකුරින් ලස්සන විචාරයක් එහි විය .

"දිදුන එන්න ටිකක් "

"කියන්න මිස් "
"ඇයි දරුවො මෙච්චර හොදට ලියලා තියෙද්දි වැඩ කරපු නැති කෙනෙක් වගේ දණගහගෙන ඉන්න ගියේ ."
කිසි ශබ්දයක් නැත .
"එන්න වාඩි වෙන්න.අපි පාඩම කරමු."

"යකෝ මිස් අන්න තනියම දිදුනට උගන්වනවා."
"අම්මපා ඔව් නේන්නං .යකෝ මිස් අපේ දිදුනයට අතවරයක් වත් කරයිද."

"කෑ ගහන්න එපා බං."

"මොකද බං හූනො තට කහබිලියාවද හැමතැනම දනගාන්නෙ ."

"නිකන් බං"
සේපාලිකා මිස් දිදුනට පාඩමක් කලේ පීරියඩ් එකක් පමණි .

"එන්න දැං සේරම පංතියට ."

"අම්මෝ සනීප .ලමයි සේරම දුවන්න හැදුවේ පංතියටයි."

අම්මෝ අලි පොරේ වගේ හූනා හැර අනිත් සේරම ලමයි බිම පෙරලෙන්නට විය . හූනා හිමින් හිමින් එකින් එකා ලගට ගොස් ලේස් එකින් එක ගැටගසා සද්ද නොකර සිටියේ කපටියා වාගේයි.

එක්කෙනා දෙන්නා කපල් කපල් බිම පෙරලි පෙරලි අම්මෝ බලන්න ලස්සනයි .හරියට අන්දරේයි පුතයි බිම පෙරලි පෙරලි සීනි කෑව වගෙයි.වෙනසකට තියෙන්නෙ අන්දරේ කෑවෙ සීනි.මෙයාලා කෑවෙ පස්.

"මොකද ලමයි පංතියට එන්න කිව්වම පිලුම් ගහන්නෙ.බිම පස් කකා."

බොහොම අමාරුවෙන් ලේස් ලිහාගෙන කට්ටිය පන්තියට ආව.

"මචං උබට කරදරයක් අතවරයක් එහෙම උනේ නෑ නේද අපි නැති වෙලේ.කියපන් ලැජ්ජ නොවී."

අලයා දිදුනගෙන් ඇසීය.
"අනේ පල බං යන්න.ඕක ඇහුනොත් ආයේ බිම ලැගපන්."

"අම්මෝ බං ආයේ නම් බෑ.මගේ අහිංසක මොලේ කකුල් වලට බහී බං."

විවේක කාලය ලැබූ ගමන් ලමයි නම් පංතියේ නැත.ඉක්මනට අත සෝදලා පංතියට එන උන් ඔක්කොම බෑග් වල කෑම එක මේසයකට අරන් කන්න පටන් ගනී.පහු වන උන්ට ඉතිං දුක තමයි.

"අම්මෝ 😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲

"මොකද බං මැරෙන්න කෑගහන්නෙ."

"අනේ මේ අලියෙක් වගේ ඉදං මගේ කකුල පාගන් යන්නෙ පේන්නෙ නැත්ද?"

"අනේ මගෙ පණ මම දැක්කෙ නෑනෙ.සොරි."

"පණ මම ඔයාගෙ"

"ඔව් ඇයි නැත්ද?"

"අනේ මේ යනවා යන්න.අලයා කිව්වට අලියා වගේ ඉදන් එනවද මනමාල කම් කරන්න."

"ඇයි මැණික මේ බොරුවට කෑ ගහන්නෙ.ඊයෙ හවස උම්ම්ම්ම්ම්ම්ම්මා එකක් දෙන්න බැරිඋනු හින්දද?"

"අනේ මේ යනවා යන්න.ඊයෙ මට හම්බ උනේ වත් නෑ."

පාසලේ ලමයි ගොඩක් ඉන්න ටැප් එක ලග අමාලිගේ කකුල බැරිවෙලා පෑගුන එකට අමාලි බැන්න නිසාම අලයා එලෙස කියා එන්නට විය .

"සේපාලිකා මිස් කොහොමද පංතියේ ලමයි ටික "

"හොදයි සර්"

"මිස් ටිකක් සැරට ඉන්න.නැත්තන් ඔය පංතිය කරන්න අමාරුයි."

පාසල් අවසන් වී පොත අත්සන් කරන්න ගියවෙලේ ප්‍රිංසිපල් සේපාලිකා මිස්ට කියන්න විය .

බස් නැවතුම්පොළ ලග අලයා හූනා දිදුන මෙන්ම දනුකයා ද විය .ලස්සන කෙල්ලෙක් හිටිය නිසාම අම්මෝ කොල්ලො හරි අහිංසක ලමයි වගේ කිසි සද්දයක් නැහැ.සේපාලිකා මිස් දුවගෙන ආවේ ඈතින් බසය එන නිසායි.

හූනා ලයින් දාන නංගිත් බසයට ගොඩ විය .ඒ නංගි වාඩි උනු සීට් එකේ තව දෙන්නෙකුට වාඩිවෙන්නට ඉඩ ඇත.ඊලගට හූනා වාඩි විය .අලයාත් වාඩිවෙන්නට හැදුවත් හූනා ඔරවා කීවේ පලයන් කියායි.

අලයා පස්සට ගියේ දිදුන සිටි තැනටයි.බසයම චරස් ගා සබ්දයක් ඇසුනු නිසාම කට්ටියම ඒ දෙස බලන්න විය .අම්මෝ ලොරියක් වගේ බතල ඇන්ටි කෙනෙක් දොරෙන් නැගගත්තෙත් බොහොම අමාරුවෙන් .සීට් ඔක්කොම හිස්.හූනාත් අර නංහිට ලයින් පාර මෙලෝ සිහියක් නෑ.අම්මෝ හූනගෙ කටවටේ කෙලත් බේරෙනවද මන්දා.

අර ඩෝසර් ඇන්ටි කෙලින්ම ගියේ හූනාත් අර නංගිත් ඉන්නා ශීට් එක ලගටයි.

අයිනෙම අර නංගි,ඊලඟට හූනා අම්මෝ අර ලොරියක් වගේ ඇන්ටි ඊලගට වාඩි උනා.අම්මෝ හූනා දැන්නම් චොරු තමයි.එක වංගුවයි ගත්තෙ හූනා.ඇබරෙනවා.අම්මෝ ඔක්කොම බඩවල් අල්ලගෙන හිනාවෙනවා.මුලු බස් එකම හිනා ලෝකයයි.

ඊලග වංගුව ගත්තා විතරයි හූනා නැගිට්ටා .මෙන්න එනවා පස්සට ඇවිදගන්නත් අමාරුවෙන් .

සේපාලිකා මිස්ටත් හිනා.

"ශික් ලොරියක් වගේ ඉදන් ඇවිත් වාඩිඋනා බං උකුලෙන්"

අම්මෝ හූනාටනම් මල පැනලා.ඉස්සර බහින ලමයි දෙන්නෙක් නැගිට්ට නිසා සේපාලිකා මිස් වාඩි උනේ.තව ශීට් එකක් හිස් මිස් ලග.ඒ ඇස් දිදුන දෙස බැලුවේ වාඩිවෙන්න කියන්න වාගෙයි.

දිදුන සේපාලිකා මිස් ලගින් වාඩි උනේ ටිකක් එහායින්.මිස් අයිනෙ දිදුන මෙහා පැත්තේ.මිස්ට වඩා උස සහ කඩවසම් දිදුන වාඩි උනාම හරියටම ලස්සන කපල් එකක් වගෙයි.

අම්මෝ සේපාලිකා මිස්ගෙ සෙන්ට් සුවද .බල්ලෙක් පාරට පැනලද එක පාරට ගැහැව්ව බ්‍රේක් පාරට හූනා ගිහින් ලොරියක් වගේ ලොකු ඇන්ටිගෙ ඇගට වැටුනා.සේපාලිකා මිස්ගෙ ඔලුව ගිහින් දිදුනගේ අත තියන් හිටපු තැන වැදුනා.

දිදුන එහෙම්මම සේපාලිකා මිස්ගේ ඔලුව අතගෑවා.අතගෑවා කිව්වට ඒක නිකම්ම උනා.

"සමාවෙන්න මිස්.මං වැරදි දෙයක් කලා නම්.ඔලුව වැදුනු නිසා මං සමාවෙන්න ."

දිදුන කියන්න විය .දිදුනගේ ඇස් රතු වී තිබුණේ සමාවෙන්න කියන්න වගෙයි.සේපාලිකා මිස් කිසිත් නොකියාම බිම බලා ගන්නට විය .

මිස්ගේ දුරකතන නාද වෙන්නට විය .කිහිප වරක් නාද උවත් සේපාලිකා මිස් කෝල් එක කට් කරනවා මිස ආන්සර් කරන්නට ගියේ නම් නැත.

"මොකද මල්ලි ඇස් පේන්නෙ නැත්ද.උකුලට එන්නෙ."

ලොරියක් වගේ ඇන්ටි හූනාට බනින්නට විය .
"සමාවෙන්න දැක්කේ නැහැ නැන්දෙ."
"මොකක් නැන්දෙ"
"අම්මෝ නැ නෑ නංගි සමාවෙන්න "

හූනා පස්සට ආවේ ලොරියක් වගේ මහත ඇන්ටිව ශේප් කරලයි.

"අම්මෝ බං අපෙ අම්මගෙත් අම්මා වගේ.නැන්දා කිව්වම මල පැන්නනෙ බං .මං නංගි කියලා ශේප් කරලා මාරු උනා.කවුද දන්නේ කේන්ති ගිහින් එකක් ගහලා නරක තැනක් තැලුනා මොන දෙයියන්‍ට කියන්නද?"

සේපාලිකා මිස් බහින තැනින්ම දිදුන බසයෙන් බහින්න විය .සේපාලිකා මිස් යන මග හිමින් පිටිපස්සෙ මිස් යන තනටම ගිහින් මිස් බෝඩිමට ගියපසු ආපසු හැරී ඇවිත් ගෙදර එන්නට විය .

සේපාලිකා මිස් දිදුනව දැක්කත් නොදැක්කා වගේ ඉන්නට විය .හැමදාම දිදුන මිස් ආරක්ෂා කරන්න මිස් ඇරලවන්න විය .පාසලේ උනත් පුලුවන් හැම වෙලේම සේපාලිකා මිස් ගැන සොයා බලන්නට විය .
මොනවද කරන්නෙ,කෑවද,කා එක්කද කතා කරන්නෙ,කොටින්ම කියනවා නම් මිස්ගෙ පංති වලට යන්න තියන කාලසටහන පවා දිදුන ලග විය .

සේපාලිකා මිස්ට පවා දිදුන තමාව ආරක්ෂා කරන බව දැනෙන්නට විය .ඒ ආරක්ෂා ඇයටත් ගොඩක් දැනෙන්නට විය .

දින දෙකක් එක පාරටම සේපාලිකා මිස් පාසල් නොආපු නිසා දිදුන හිටියේ වේදනාවකින් .ඒ ඇස් කදුලු බින්දු ගලන්නට තරම් වේදනාවකින් මග බලන්නට විය .

දිදුන තුන් වන දින සේපාලිකා මිස්ගේ බෝඩිමට ගියේ තවත් ඉන්න බැරිම නිසාමයි .

වයසක ආච්චි අම්ම කෙනෙක් එලියට ආවේ දොරේ බෙල් එක ගැහැව්වට පස්සෙයි.

"ආච්චි අම්මේ අපේ මිස් ඉන්නවද?"
"ඉන්නවා අන්න.ඉන්නකො මම එන්න කියන්නම්."

"ආ මේ දිදුනනෙ.ඉතිං ඇයි දරුවො හදිස්සියක් ද?"
"නෑ නිකන් මිස්.මම ගිහින් එන්නම්"
"ඉන්න තේ එකක් බොමු."

සේපාලිකා මිස් දිදුනට තේ එකක් ගෙනත් දෙන්නට විය .මිස් හරියට පොඩි දරුවෙක් වගේ ලස්සන කලිසමක් ඇදලා ටී ෂර්ට් එකක් ඇදලා.දිදුන ඒ ඇස් බල හිටියේ ආදරයෙන්.ඒත් කවදාවත් නොලැබෙන ඒ ආදරය ගැන කතා කරන්නට දිදුන බිය විය


Comments System WIDGET PACK