ඇදුරුතුමියයි ප්‍රේමයේ හතරවන කොටස අවසානය | Aduruthumiyayi Premaye
හතර වන කොටස
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
"සේපාලිකා මිස් කොහොමද පංතියේ ලමයි ටික "
"හොදයි සර්"
"මිස් ටිකක් සැරට ඉන්න.නැත්තන් ඔය පංතිය කරන්න අමාරුයි."
පාසල් අවසන් වී පොත අත්සන් කරන්න ගියවෙලේ ප්‍රිංසිපල් සේපාලිකා මිස්ට කියන්න විය .
බස් නැවතුම්පොළ ලග අලයා හූනා දිදුන මෙන්ම දනුකයා ද විය .ලස්සන කෙල්ලෙක් හිටිය නිසාම අම්මෝ කොල්ලො හරි අහිංසක ලමයි වගේ කිසි සද්දයක් නැහැ.සේපාලිකා මිස් දුවගෙන ආවේ ඈතින් බසය එන නිසායි.
හූනා ලයින් දාන නංගිත් බසයට ගොඩ විය .ඒ නංගි වාඩි උනු සීට් එකේ තව දෙන්නෙකුට වාඩිවෙන්නට ඉඩ ඇත.ඊලගට හූනා වාඩි විය .අලයාත් වාඩිවෙන්නට හැදුවත් හූනා ඔරවා කීවේ පලයන් කියායි.
අලයා පස්සට ගියේ දිදුන සිටි තැනටයි.බසයම චරස් ගා සබ්දයක් ඇසුනු නිසාම කට්ටියම ඒ දෙස බලන්න විය .අම්මෝ ලොරියක් වගේ බතල ඇන්ටි කෙනෙක් දොරෙන් නැගගත්තෙත් බොහොම අමාරුවෙන් .සීට් ඔක්කොම හිස්.හූනාත් අර නංහිට ලයින් පාර මෙලෝ සිහියක් නෑ.අම්මෝ හූනගෙ කටවටේ කෙලත් බේරෙනවද මන්දා.
අර ඩෝසර් ඇන්ටි කෙලින්ම ගියේ හූනාත් අර නංගිත් ඉන්නා ශීට් එක ලගටයි.
අයිනෙම අර නංගි,ඊලඟට හූනා අම්මෝ අර ලොරියක් වගේ ඇන්ටි ඊලගට වාඩි උනා.අම්මෝ හූනා දැන්නම් චොරු තමයි.එක වංගුවයි ගත්තෙ හූනා.ඇබරෙනවා.අම්මෝ ඔක්කොම බඩවල් අල්ලගෙන හිනාවෙනවා.මුලු බස් එකම හිනා ලෝකයයි.
ඊලග වංගුව ගත්තා විතරයි හූනා නැගිට්ටා .මෙන්න එනවා පස්සට ඇවිදගන්නත් අමාරුවෙන් .
සේපාලිකා මිස්ටත් හිනා.
"ශික් ලොරියක් වගේ ඉදන් ඇවිත් වාඩිඋනා බං උකුලෙන්"
අම්මෝ හූනාටනම් මල පැනලා.ඉස්සර බහින ලමයි දෙන්නෙක් නැගිට්ට නිසා සේපාලිකා මිස් වාඩි උනේ.තව ශීට් එකක් හිස් මිස් ලග.ඒ ඇස් දිදුන දෙස බැලුවේ වාඩිවෙන්න කියන්න වාගෙයි.
දිදුන සේපාලිකා මිස් ලගින් වාඩි උනේ ටිකක් එහායින්.මිස් අයිනෙ දිදුන මෙහා පැත්තේ.මිස්ට වඩා උස සහ කඩවසම් දිදුන වාඩි උනාම හරියටම ලස්සන කපල් එකක් වගෙයි.
අම්මෝ සේපාලිකා මිස්ගෙ සෙන්ට් සුවද .බල්ලෙක් පාරට පැනලද එක පාරට ගැහැව්ව බ්‍රේක් පාරට හූනා ගිහින් ලොරියක් වගේ ලොකු ඇන්ටිගෙ ඇගට වැටුනා.සේපාලිකා මිස්ගෙ ඔලුව ගිහින් දිදුනගේ අත තියන් හිටපු තැන වැදුනා.
දිදුන එහෙම්මම සේපාලිකා මිස්ගේ ඔලුව අතගෑවා.අතගෑවා කිව්වට ඒක නිකම්ම උනා.
"සමාවෙන්න මිස්.මං වැරදි දෙයක් කලා නම්.ඔලුව වැදුනු නිසා මං සමාවෙන්න ."
දිදුන කියන්න විය .දිදුනගේ ඇස් රතු වී තිබුණේ සමාවෙන්න කියන්න වගෙයි.සේපාලිකා මිස් කිසිත් නොකියාම බිම බලා ගන්නට විය .
මිස්ගේ දුරකතන නාද වෙන්නට විය .කිහිප වරක් නාද උවත් සේපාලිකා මිස් කෝල් එක කට් කරනවා මිස ආන්සර් කරන්නට ගියේ නම් නැත.
"මොකද මල්ලි ඇස් පේන්නෙ නැත්ද.උකුලට එන්නෙ."
ලොරියක් වගේ ඇන්ටි හූනාට බනින්නට විය .
"සමාවෙන්න දැක්කේ නැහැ නැන්දෙ."
"මොකක් නැන්දෙ"
"අම්මෝ නැ නෑ නංගි සමාවෙන්න "
හූනා පස්සට ආවේ ලොරියක් වගේ මහත ඇන්ටිව ශේප් කරලයි.
"අම්මෝ බං අපෙ අම්මගෙත් අම්මා වගේ.නැන්දා කිව්වම මල පැන්නනෙ බං .මං නංගි කියලා ශේප් කරලා මාරු උනා.කවුද දන්නේ කේන්ති ගිහින් එකක් ගහලා නරක තැනක් තැලුනා මොන දෙයියන්‍ට කියන්නද?"
සේපාලිකා මිස් බහින තැනින්ම දිදුන බසයෙන් බහින්න විය .සේපාලිකා මිස් යන මග හිමින් පිටිපස්සෙ මිස් යන තනටම ගිහින් මිස් බෝඩිමට ගියපසු ආපසු හැරී ඇවිත් ගෙදර එන්නට විය .
සේපාලිකා මිස් දිදුනව දැක්කත් නොදැක්කා වගේ ඉන්නට විය .හැමදාම දිදුන මිස් ආරක්ෂා කරන්න මිස් ඇරලවන්න විය .පාසලේ උනත් පුලුවන් හැම වෙලේම සේපාලිකා මිස් ගැන සොයා බලන්නට විය .
මොනවද කරන්නෙ,කෑවද,කා එක්කද කතා කරන්නෙ,කොටින්ම කියනවා නම් මිස්ගෙ පංති වලට යන්න තියන කාලසටහන පවා දිදුන ලග විය .
සේපාලිකා මිස්ට පවා දිදුන තමාව ආරක්ෂා කරන බව දැනෙන්නට විය .ඒ ආරක්ෂා ඇයටත් ගොඩක් දැනෙන්නට විය .
දින දෙකක් එක පාරටම සේපාලිකා මිස් පාසල් නොආපු නිසා දිදුන හිටියේ වේදනාවකින් .ඒ ඇස් කදුලු බින්දු ගලන්නට තරම් වේදනාවකින් මග බලන්නට විය .
දිදුන තුන් වන දින සේපාලිකා මිස්ගේ බෝඩිමට ගියේ තවත් ඉන්න බැරිම නිසාමයි .
වයසක ආච්චි අම්ම කෙනෙක් එලියට ආවේ දොරේ බෙල් එක ගැහැව්වට පස්සෙයි.
"ආච්චි අම්මේ අපේ මිස් ඉන්නවද?"
"ඉන්නවා අන්න.ඉන්නකො මම එන්න කියන්නම්."
"ආ මේ දිදුනනෙ.ඉතිං ඇයි දරුවො හදිස්සියක් ද?"
"නෑ නිකන් මිස්.මම ගිහින් එන්නම්"
"ඉන්න තේ එකක් බොමු."
සේපාලිකා මිස් දිදුනට තේ එකක් ගෙනත් දෙන්නට විය .මිස් හරියට පොඩි දරුවෙක් වගේ ලස්සන කලිසමක් ඇදලා ටී ෂර්ට් එකක් ඇදලා.දිදුන ඒ ඇස් බල හිටියේ ආදරයෙන්.ඒත් කවදාවත් නොලැබෙන ඒ ආදරය ගැන කතා කරන්නට දිදුන බිය විය
"මිස් අසනීපයක්වත් ද."
"නෑ දරුවො.මම ගෙදර ගියා ගිහින් එන්න."
"මම යන්නම් මිස් .මේ හැලප ටික මිස් කන්න.අම්මා හැදුවේ ."
"ශෝයිනෙ මම ආසයි.ගොඩක් ඉස්තූති දරුවො .
දිදුන සේපාලිකා මිස් එනකල් සිට මිස් යන බසයේම පසලට ආවේ සේපාලිකා මිස් කාර්‍යාලය ලගට යනකම් බලා හිදයි.
අද ප්‍රධාන රැස්වීම .අවශ්‍ය සියල්ල සූදානම් කර දිදුන බැලුවේ රැස්වීම පටන් ගත්තත් තවම සේපාලිකා මිස් නැත්තේ ඇයි කියායි .
"මචං උබ පොඩ්ඩක් මෙතන බලපන් කිසි අවුලක් වෙන්න බෑ."
"හරි බං"
"මල්ලි ඔයා ලමයි ටික බලන්න මං ටිකක් එලියට යනවා.හොදද"
දිදුන ශේප් එකේ පහලට ආවේ සේපාලිකා මිස් හොයන්නටයි.ඒත් කාර්‍යාලය තුල හෝ කිසි පංති කාම්බරයක සේපාලිකා මිස් නැත.දිදුනට මතක් උනේ මිස්ලා තේ බොන ස්ටාෆ් රූම් එකයි.අඩියට දෙකට දිදුන දිවුවේ ස්ටාෆ් රූම් එකටයි.
සේපාලිකා මිස් මේසේ ඔලුව තියාගෙන මිස්ගෙ අතින් අල්ලාගෙන සුදේව සර්.දිදුනගේ ඇස් කදුලින් පිරෙන්නට වැඩිවෙලා ගියේ නැත.ආපසු එන්නට හැරෙද්දී සේපාලිකා මිස්ගෙ කටහඩ ඇසෙන්නට විය .
"සර් මට ඉන්න දෙන්න.ප්ලීස් .වද නොදී යන්න."
දිදුනට තවත් නම් දරාගත නොහැකි විය .
"එක්ස්කියුස්මී "
"ඇයි මොකද "
සේපාලිකා මිස් ඔලුව එසවූයේ දිදුනගේ කටහඩ ඇසුනු නිසායි.
"ආ දරුවො එන්න .මමයි මිස්ට සුදේව මේ දරුවට එන්න කිව්වෙ."
සුදේව සර් එතනින් ගියේ දිදුන දෙස රවා බලමින්.
"ඔව් දිදුන කියන්න."
"මිස් රැස්වීමට ආව නැති නිසා බලන්න ආවෙ."
"මේ අහන්න දරුවො මම ගුරුවරියක්.මං මේ ඉස්කෝලේ ලමෙක් නෙවෙයි .මම ආවත් නාවත් ඒක හොයන්න එපා."
දිදුනට මේ වචන පිහියකින් පපුවට ඇන්නා වාගේ විය .
"සමාවෙන්න මිස් ."
එහෙම්මම එලියට ආ දිදුන ජනේලයට හැකි තරම් වේගයෙන් අතින් ගසන්නට විය .ශබ්දය ඇසී සේපාලිකා මිස් එනවිට දිදුනගේ අත හොදටම කැපී ලේ ගොඩක් අතින් යද්දී දිදුන බිත්තියට හේත්තු වී ඇස් පියාගෙන සිටී.අත කැපිලා කියාවත් නොදන්න දිදුනගේ ඇස් කදුලු ගලන්නට විය .
"අනේ දිදුන මොකද මේ.ඔයාගෙ අත කැපිලා.කෝ එන්න ."
දිදුන තමාගේ අත දෙස බැලුවේ එවිටයි .ඒ ඇස් එක එල්ලේම සේපාලිකා මිස් දෙස බලා සිටින්නට විය .සේපාලිකා මිස් දිදුන අතින් අල්ලා ගෙනගොස් අතට බෙහෙත් දමා ගැටගසන්න විය .
දිදුනට ඇගේ අතේ පහස දැනෙන්නට විය .
"මම යන්නම් මිස් ."
එලියට එන්නට ආ දිදුන ආපසු හැටී බැලුවේ සේපාලිකා මිස් දෙසයි.අතේ තිබුන කතුර බිම වැටුනු අතර මිස් කතාවක් නැත.
ආයෙමත් සේපාලිකා මිස් ලගට දුවගොස් ඒ නලල අත තබා බලන්න විය .දෙවියනේ ගිනි මැලයට උන.කාර්‍යාලය දුව ගොස් නිවාඩු ලියුමක් පුරවා සේපාලිකා මිස් ලගට විත් එය අත්සන් කරවාගෙන එම ලියුම කාර්‍යාලයේ මේසය උඩ තබා ,ත්‍රීවීලර් එකකට කතා කරවා ගෙන සේපාලිකා මිස් පාසලෙන් එලියට එක්ක එන්නට විය .අලයාට එස් .එම්.එස් එකක් දැම්මේ තමා හදිස්සියක් නිසා ගෙදර යන බවත් කාටවත් නොකියන ලෙසත් ය.
සේපාලිකා මිස් බෝඩිමට එක්ක ආවත් නිවසේ ආච්චි අම්මා නම් පේන්න නැත.සේපාලිකා මිස් ඇයගේ කාම්බරයට ඇරලූ අතර ,ඇයගේ පාවහන් ගලවා දමා ඇයව යහනේ තබා බෙඩ් ශීට් එක පෙරවන්නට විය .
හිමින් හිමින් කුස්සියට ගිහින් වතුර එකක් අරන් කාම්බරයට අද්දී දැක්කේ ආච්චි අම්මා බණ කතාවක් අහගෙන ඉන්න වග වෙන කාම්බරයක.
ආයෙමත් සේපාලිකා මිස් ලගට විත් ඇයට බෙහෙත් ටික පොවා දිදුන ගෙදර එන්නට විය .දවල් දෙකට විතර ආයෙමත් කෑම එකක් අරන් සේපාලිකා මිස්ගෙ බෝඩිමට ආවේ ආච්චි අම්මා ඉන්නවා දැයි බලමින්.
අම්මෝ ආච්චි අම්මා ටීවී එක ලග බිම භාවනා කරනවා.හිමින් සෙරෙප්පු දෙක ගලවාගෙන ඇගිලි දෙකෙන් හිමින් හිමින් සේපාලිකා මිස්ගෙ කාම්බරයට ආවත් ආච්චි අම්මා නම් එය දැක්කේ නැත.
දෙයියනේ තවම නිදි.නලලට අත තබා බැලුවත් තවම රස්නය අඩු නැත.කවුරුන් හෝ තමා ලග නිසා සේපාලිකා මිස් ඇස් යාන්තමට ඇර බලන්න විය .
සේපාලිකා මිස් එහෙම්මම ඔසවාගෙන ඇද විට්ටමට හේත්තු කර තමා ගෙනා බත් එක දිග හැර සේපාලිකා මිස්ට කවන්නට විය .බොහොම අමාරුවෙන් කටවල් පහක් කවාගෙන බෙහෙත් ටිකත් පොවා සිද්දාලේප ටිකක් ගෙන නලලේ ගාන්නට විය .ඔලුව හිමින් අතගාන්නට විය .මිස් වොශ් දාන්නෙ නැත්ද?
එහෙම්මම සේපාලිකා මිස් නින්දට වැටුනේ දිදුන ඔලුව අතගෑ සනීපය නිසාමයි .
හවස හයට පමන දිදුන නැවත සේපාලිකා මිස් ඉන්න බෝඩිමට එනවිට නම් ගෙදර දොර වහලයි තිබ්බේ.
"ආච්චි අම්මේ...."
ටිකකට පසු දොර ඇරිය ආච්චි අම්මා යි. කවුද ආවේ කියලා බැලුවෙ මේ ලමයනේ එන්න එන්න ."
"මිස් ඉන්නවද ආච්චි අම්මේ"
"කාම්බරයේ ඇති දරුවො ."
"මට වතුර ටිකක් දෙනවද ආච්චි අම්මේ."
"හරි ඉන්න දරුවො ."
ආච්චි අම්මා වතුර එකක් ගේන්න ගිය විට දිදුන ඉක්මනටම සේපාලිකා මිස්ගෙ කාම්බරයට ගොහින් දොර වහගන්නට විය .
"මිස් කන්න මම කෑම එකක් අරං ආවා.ඉන්න මම වාඩි කරන්නම්."
දිදුන සේපාලිකා මිස් ඇද විට්ටමට හේත්තු කර බත් කවා වතුර දී බෙහෙත් ටික බොන්න දී යන්නට නැගිටේ සේපාලිකා මිස් දෙසම බලාගෙනයි.
"මම යන්නම් මිස් .මම මගේ නම්බර් එක සේව් කරා ඕනිම වෙලවක මට කතා කරන්න."
☎☎☎☎☎☎☎☎☎
සේපාලිකා මිස්ට කෝල් එන්නට විය.එස් අම් අස් එන්නට විය .දිදුන දුරකතන අතට අරන් බලන්නට විය .
"මගේ පණ කෑවද?"
"ඇයි මැණික කෝල් ආන්සර් කරන් නැත්තේ?"
"කවදද ගමේ එන්නෙ?"
"ගොඩාක් ආදරෙයි"
දිදුන එහෙම්මම බිම ඉන්දවිය.
"මිස් කවුද මේ.අනේ මට කියන්න .මගේ පපුවම රිදෙනවා .ඇයි මට කියන්න මිස් .මේ කවුද?මාව පිච්චෙනවා .මගේ පණ වගේ මං ආදරෙයි.මට කියන්න ."
දිදුනට දරාගන්නට බැරි විය .තමාගේ පලමු ප්‍රේමය .මෙසේ දුකක් වීම දරාගන්නට නොහැකි විය .
ඒක දිග කතාවක් දරුවො මම හෙට කියන්නම්.
දිදුනට පාසල් යන්න තරම් මානසික තත්වයක් නොවීය .එලිවෙනතුරු කල්පනා කලේ සේපාලිකා මිස්ට ආ එස්,එම්,එස් ගැනයි.
පාන්දර අවදි වී කෑම එකක් අරන් දිදුන ආවේ සේපාලිකා මිස්ගෙ බෝඩිමටයි.
ආච්චි අම්මා සුපුරුදු පරිදි බණ අසන නිසා හිමින් හිමින් සේපාලිකා මිස්ගෙ කාම්බරයට එන්නට හැකිවිය .
"එන්න දරුවො .අද ඉස්කෝලේ ගියේ නැත්ද?"
"නෑ මිස් හිතට ටිකක් හරි මදි.ඉතින් හිටියා ගෙදර."
එහෙම්මම වොශ් රූම් එකට ගොස් අත සෝදගෙන ඇවිත් ගෙනා කෑම එක දිගහැර ගෙන සේපාලිකා මිස්ට කවන්නට අතට බත් ගුලියක් අරං කට ලගට කරන්නට විය .
"කන්න."
දෙදෙනාගේම ඇස් එකට හමුවිය .බත් මුලම දෙදෙනා මාරුවෙන් මාරුවට කන්න විය .
බෙහෙත් ටිකත් ගෙන සේපාලිකා මිස් අතට දී බොනකල් බලා සිටියේ අහක දායි කියායි .
"මිස් මට කියන්න .කවුද අර ඊයෙ කෝල් එස්,එම්,එස් කලේ."
"හ්ම් ඒකද මේ ඉස්කෝලේ නොගිහින් ගෙදර හිටියෙ"
"කියන්නකො මිස්"
"අහන්න දරුවො මම ඉස්කෝලේ යන කාලෙ ඉදලා කෙනෙක් එක්ක යාළු උනා.එයාත් මගේ වයසෙමයි.අපි දෙන්නාම ඉස්කෝලේ ගියේ ආවෙ එකම බස් එකේ.පංති ගියේ එකට.
මටත් තාත්තා නැහැ.අපි දුප්පත් .අක්කලා තුන් දෙනෙක් ඉන්නවා ,අයියයි,මල්ලී ,මමයි ,නංගි .ගොඩක් සල්ලි නෑ.ඒ පිරිමි ලමයා නිමේෂ්.එයාටත් ගෙදර ප්‍රශ්න තියනවා .සල්ලිකාරයෝ නෙවෙයි .
අපේ ගෙදරින් මේ සම්බන්දෙ දැනගෙන මට හොදටම බැන්නා.එයාට අපේ ගෙදරින් කැමති නැහැ.
එයා ගොඩක් අවංක කෙනෙක් .මට හැමදාමත් කෝල් එස් එම් එස් කරනවා.අපි දෙන්නම උසස් පෙල කලා මම ගුරුවරියක් උනා.නිමේෂ් බැංකුවක රස්සාවක් කරනවා .
එයා මට අපේ ගෙදරට හොරෙන් කතා කරනවා තවමත්.
ඒත් එයා මට අරෙහෙ මෙහෙ යන්න කතා කරනවා .මම ආස නැහැ ඒවට.එයාට මාව කිස් කරන්න තුරුළු කරගන්න ඕනිලු.මං එක්ක දවසම තුරුළු වෙලා ඉන්න ඕනිලු.
මම ආස නෑ දරුවො ඒකට.ආදරේ කියන්නෙ.මම හිතන විදියට ගොඩක් වෙනස් දෙයක්.කොච්චර ඈත හිටියත්,කතා නොකරත් ,එස් එම් එස් නොකරත්,කිස් නොකරත්,තුරුළු වෙලා ඉන්න බැරි උනත් ආදරේ තියෙන්නෙ හදවතේ කියලයි මම හිතන්නෙ.
විවාහයකට කලින් කෙල්ලො අරෙහෙ මෙහෙ අරං යන්නෙ ඇත්තටම කෙල්ලට ආදරේ අය නෙවෙයි කියලයි මට හිතෙන්නෙ.
මම ආස විවාහයකට පස්සෙ ඒ වගේ ඉන්න.එයාගෙ මේ එහෙ මෙහෙ යන්න අඩගහන එකෙන් මට එයාව එපාවෙලා දිදුන .
අපි යාළු වෙලා අවුරුදු ගානක් වෙනවා .ඒත් දැං අවුරුදු දෙකක විතර ඉදන් මම එයාව මග අරිනවා."
දිදුනගේ ඇස් රතු වී කදුලු.පපුවත් රිදෙනවා .නහයත් බරවෙලා.
සේපාලිකා මිස්ට නම් තේරුනා දිදුන අඩලා විත්තිය.
"අහන්නකෝ මම ඔයාට සේපාලිකා කියන්නද"
"හරි දරුවො "
"ඔව් ඔයා හරි ආදරය කියන්නෙ කවදාවත් ලබාගන්න එක නෙවෙයි."
"ඉතිං දරුවො ."
"සමාවෙන්න සේපාලිකා .මට දිදුන කියන්න ."
"හරි දිදුන ඔයා ඔයාගෙ අරමුණට යන්න ඕනි.ඊටපස්සෙ අපි මේ සේරම කතා කරමු"
"මං එනකල් ඉන්නවා නේද"
"ඔව් ඉන්නම්"
"හරි මම කවද හරි එනවා ."
කාලය ගත විය .දිදුන විශ්‍ය විද්‍යාලයට තේරී පත් විය .සතියකට වරක් දෙදෙනාම ලිපි හුවමාරු කරගත්තේ ඒ ඒ ලිපින දෙදෙනාම ලග තිබූ නිසාමයි .
වසර ගනනක් ගත විය .දිදුන තමාගේ රස්සාව ලබාගෙන තමාටම ගෙයක් වාහනයක් සියල්ල හරිගස්සගෙන අවසානයි.
හෙට සේපාලිකා බලන්නට එහෙ යන දවසයි.පාසල් කාලයෙන් පසු සේපාලිකා දකින පලමු දිනය හෙටයි.
😲😲😲😲😲😲😲😲😲😲😲😲😲
"ශික් නින්ද ගියානෙ"
පරක්කු වී ඇහැරුනු දිදුන ඉක්මනටම ලෑස්ති වී ගමනට පිටත් විය .සේපාලිකා මිස්ගෙ ගෙවල් ලගට එනවිට දවල් දොලහට ආසන්නයි.
ගේට්ටුවෙන් වාහනය දානකොටම සේපාලිකා එලියට ආවේ අද දිදුන එන බව දන්නා නිසායි.
ලස්සන තවත් වැඩිවෙලා වගෙයි .අම්මෝ ලස්සන.බෝලෙ වගේ.මදැයි අවුරුදු ගානක් ඉවසුවා හිතුනොත් අදම උස්සන් යනවා.
දිදුන තනියම හිනාවෙන බව දැක සේපාලිකා ඔලුවෙන් ඇසුවේ ඇයි කියායි .
ගෙට ගියාමයි දිදුනට තරු විසි උනේ.අම්මෝ ලස්සන සේපාලිකා මිස් වගේම තව කෙනෙක් බබෙකුත් වඩාගෙන ආවේ හිනාවේගෙනමයි.
දිදුන ඒ පැත්තත් මේ පැත්තත් බල බල ඉන්නෙ හරියට මොකුත් හිතාගන්න බැරුවයි.
"දිදුන "
දරුවා වඩාගත් සේපාලිකා මිස් වගේ කෙනා කතා කරන්නට විය .
"දිදුන මමයි සේපාලිකා මිස් .
මේ ඉන්නෙ මගේ නංගි .මම බැන්දා .ඒත් ඔයාට කිව්වෙ නැහැ .මොකද මම ඉස්කෝලේ ඉන්න දවස් වල ඉදලම මම දිදුන ගැන නංගිට කිව්වා .නංගි තමයි ඔඅයාට ලියුම් ලිව්වෙ.පිලිතුරක් එනකල් බලන් ඉන්නෙ .ඔයා මට මගෙම සහෝදරයෙක්.මගෙ නංගි හොදට බලාගන්න.මෙයත් ඔයාගෙ වයසමයි.දැං ඩොක්ටර් කෙනෙක්."
"මොකක් "
"ඔව් මල්ලී"
කට්ටියම ගේ අස්සට ගියේ දෙන්නට නිදහසේ ඉන්නට කතා කරන්නට ඉඩ දීයි.
"ගොඩක් ආදරෙයි
අක්කා කිව්ව දවසෙ ඉදන් ගොඩාක් ආදරය කරනවා.අක්කයි මමයි දෙන්නම එක වගේ, මට ගොඩක් අය යාළු වෙන්න ආවත් ඔයාගෙ පොටෝස් අක්කා පෙන්නලා තිබ්බා.මමත් හිතින් ගොඩාක් ආදරය කරා.අදටත් ආදරෙයි.
අක්කා මට හැමදේම කිව්වා .එයා බලාගත්ත විදියට මාවත් බලාගන්නව නේද?
කියන්න .මම ඔයාට මගේ පණ වගේ ආදරෙයි."
දිදුනට මේ කිසිත් අදහාගත නොහැකි විය .තමා ආදරය කලේ මිස්ට ඒත් තමා ලියුම් ලිව්වෙ මිස්ගෙ නංගි අහිංසාට.දිදුන එහෙම්මම බිම වාඩි විය .ඔලුව බිත්තියේ තබාගෙන දෑස් පියා ගන්නට විය .
අහිංසා දිදුන ලගට විත් බිමින් ඉදගෙන හයියෙන් ඒ පපුවට තුරුළු විය .දිදුනගේ පපුවේ ගැස්ම අහිංසාට හොදටම දැනෙන්නට විය .
"මට බැහැ නංගි ඔයාට ආදරය කරන්න.මම ඔයාට ලියුම් ලිව්වෙ ඔයා සේපාලිකා කියලා හිතාගෙන.මම ආදරය කලේ සේපාලිකා මිස්ට .ඒ ඇස් ,ඒ මූණ මට අමතක කරන්න බෑ නංගි ."
අහිංසා දිදුනව තමා පැත්තට හරවා ගන්නට විය.
"බලන්න මැණික මේ ඇස් දෙක දිහා හොදට.
මේ ඇස් වල ආදරය පේන්නෙ නැත්ද .කියන්න මට"
.දිදුනගේ අතක් ගෙන පපුවට තියා බලන්න "මැණික මේ පපුව ගැහෙන්නේ ඔයා හින්දා කියලා දැනෙන් නැත්ද?මට කියන්න ."
අහින්සා එහෙම්මම දිදුනගේ පපුවම බදාගෙන හඩන්නට විය .
කවදාකවත් මේ වගේ පහසක් දිදුනට දැනී නැත.දිදුන එහෙම්මම අහිංසාව දෑතින්ම බදා ඔලුවට හාදුවක් දෙන්නට විය .
"ආදරෙයි ද පණ ,ඔච්චර මට"
දිදුන අහන්නට විය .
"හ්ම්"
එහෙම්මම දෙදෙනා තුරුළු වී ඉන්නට විය .
"එන්න දැං කාලා ඉම්මු."
කට්ටියම කෑම කෑවේ එකටයි.සේපාලිකා දරුවා නිදි කරන්නට කාම්බරයට ගිය නිසා දිදුනට හා අහිංසාට නිදහසේ කතා කරන්නට හැකි විය.
වත්ත පහල බංකුවට ආ දිදුන හා අහිංසා ආගිය තොරතුරු කතා කරන්නට විය .දෙදෙනාම බංකුවේ වාඩි විය .
දිදුනට අහිංසාගේ අතින් අල්ලන්නට ආස හිතුනත් කාගෙවත් අතක් එහෙම අල්ලලා නැති නිසා අමුත්තක් දැනෙන්නට විය .
"පණ ඉක්මනටම මාව ඔයා ලගට ගන්නවා නේද?"
"හ්ම්"
"මැණික මාව දාලා යන්නෙ නෑ නේද?"
දිදුන අහිංසා දෙස බැලුවේ ඇයගේ කටහඩ වෙනස් වූ නිසාමයි.ඒ ඇස් කදුලු.දිදුනට නම් තවත් බලා ඉන්නට නොහැකි විය .එහෙම්මම අහිංසා පපුවට තුරුළු කර ගත් දිදුන ඇයගේ හිස සිබින්නට විය .අතින් ඒ කෙස් පිරිමදින්නට විය .අත් දෙකටම ඒ අහිංසක මූණ මැදිවිය.හිමින් හිමින් දිදුන ඒ මූණ ලගට ලං කර ගන්නා විට ඒ ඇස් පියවිය.
හිමින් අහිංසාගේ දෙතොල් දිදුනගේ දෙතොල් අතර සිර විය .ආදරයෙන් කාලය ගෙවාදැමූ දෙදෙනා සතුටින් කාලය ගත කලේ ආදරයෙන්.
හවස ගෙදරට එනවිට සේපාලිකා රාත්‍රී ආහාර පිලිවෙල කර අවසන්.රාත්‍රී ආහාරයෙන් පසු සේපාලිකා දිදුන හා අහිංසා දෙස බලා කතා කරන්නට විය .
"දිදුන මට කතා කරන්න ඕනි."
"කියන්න අක්කේ."
"ආස නැත්ද මගේ මහත්තයා ගැන දැනගන්න."
"අනේ කියන්නකෝ ඉතින්"
"මතකද ඒ දවස් වල මම කිව්වා නිමේෂ් කියලා පිරිමි ලමයෙක් ඉස්කෝලේ කාලෙ ඉදන් යාළුවෙලා හිටියා කියලා.ඒ ලමයා මට ගොඩක් වද දුන්නා තනියම හම්බවෙන්න ඕනිලු,මාව ලග තියාගන්න ඕනි ගගා.මම බෑ කිව්වා .පස්සෙ ඒ පිරිමි ලමයා වෙන කෙනෙක් එක්ක මට හොරෙන් යාළු වෙලා .හැම තැනම එක්ක ගිහින් .පස්සෙ ඒ ගෑනු ලමයට කිව්වලු.කවදාවත් බදින්න නම් බෑ .මම බදින්නෙ සේපාලිකා මිස් කියලා.සේපාලිකා මිස් බැන්දට කවදාවත් ඔයාව අමතක කරන්නෙ නෑ කිව්වලු.හැමදාම මේ වගේ අපි ආසරේ කරමු කිව්වලු. මට එපාම උනා.
පස්සෙ මම වෙන ඉස්කෝලේකට මාරුවීමක් අරන් ආවා.සුදේව සර් මාව හොයාගෙන ඒ ඉස්කෝලෙටත් ආවා .ගොඩක් ආදරෙයි කිව්වා.මමත් හොයලා බැලුවා .හොදයි.ඉතින් මැරි කලා ගොඩක් සතුටින් ඉන්නවා."
"සේපාලිකා අක්කෙ ඔයා තමයි මගේ ඇදුරුතුමිය ප්‍රේමයේ .මට ආදරය ගැන ඇත්තටම කියා දුන්නෙ ඔයා.ආදරය කියන්නෙ අල්ලගන්න එක.අල්ලගෙන පොඩි කරලා විනාශ කරන එක නෙවෙයි.කොච්චර දුර හිටියත් හිතින් අවංකව ආදරය කරන එකට.එකහිත තියෙන එකට කියලා ඔයයි මට කියා දුන්නේ."
දිදුන අහිංසා කසාද බැදලා සතුටින් ජීවිතය ගත කරන අතර සේපාලිකා මිස් සුදේව සර් සමග ලස්සන ජීවිතයක් ගත කරනවා.
ආදරය යනු හැගීම් වලට ඉඩ දීමක් නොව බව මින් ඔබට කියන්නට මම උත්සහ කලේ.හැගීම් යනු විනාඩියක දෙයක් උවත් ආදරය නම් ජීවිතය පුරාම රැකගත හැකි දෙයකි .
යාළුවනේ මේ මගේ දෙවන කතාව.ඔයාලට හැගෙන දේ කමෙන්ට් කරන්න .සේපාලිකා මිස් දිදුනට කල දේ හරිද,නිමේෂ් ට කල දේ හරිද?කතාව අවසානය හොදයි ද?
