ඇදුරුතුමියයි ප්‍රේමයේ පළමු කොටස | Aduruthumiyayi Premaye
01. කොටස
❤❤❤❤❤❤❤❤❤
"අම්මෝ බං කකුල් දෙකත් රිදෙනවා.ශික් අම්මෝ බං ඉන්න බෑ"
"අඩෝ අලයා දගලන්න එපා බං"
"මගෙ කකුල් දෙක රිදෙනවා හූනෝ"
"මොකද මේ කට්ටිය ආ දනගහ ගන්න කිව්වාම මොකෝ සද්දේ ආ.ඒ ලෙවල් උනාම ටිකක් මැනස් තියෙන්න ඕනි.කියනවා බලන්න මොකාද මම එනවා දැක දැක මේ පුටුවෙ චුයින්ගම් එක ඇලෙව්වේ.බලනවා කලිසමේ කැත ශික් ලැජ්ජාවෙ බෑ.
පංතිය ඒ ලෙවල් ආට්.ටිකක් දඩබ්බර සෙට් එකක්.
"අම්මෝ අඩෝ බලපන්කෝ අර බං අම්මෝ ලස්සන ....
කවුද බං ඒ කිරි කෑල්ල ......"
ප්‍රිංසිපල් ඉන්න වගක් අමතක වූ හූනාගේ බ්‍රේක් නැති කට ඉස්සර විය .
"කිරි කෑලි ඇයි දැං උබ ඉන්නේ කිරි දානෙ ගෙදරකද "ප්‍රිංසිපල් ඇසුවේ කෝපයෙන් .
"ඔව් බං අර බලපන්කො ලස්සන බං."
"මොකක් කාටද බොල බං කිව්වේ."
අලයට දෙලොව සිහිවූයේ එවිටයි .තමා බං කියා කතා කර අත්තේ ප්‍රිංසිපල්ටයි.
ශික් මේ මගේ ජරා කට සමාවෙන්න සර්.
"හරි හරි ඔක්කොම පලයන් යන්න පංතියට .මගෙත් පටි රෝල් නොකර."
කවුද මේ ලස්සන කෙනා අලුත් මිස් කෙනෙක් ද?
ලමයින් පංතියට යවා ප්‍රිංසිපල් බලා සිටියේ කවුද අප්පා මේ ලස්සන මිස් කියායි.ලමයින්ට බැන්නට ප්‍රිංසිපල් සර්ටත් කටවහගන්නත් අමතක විය .ලස්සන ,කොන්ඩෙ දිග ,දිගැටි ඇස් හිනාව සර්ටත් හිටිතැන අමතක විය .
" එක්ස්කියුස්මී අන්කල්.මට ප්‍රිංසිපල් සර්ගෙ ඔෆිස් එක පෙන්නනවද?"
"ශික් අන්කල් ,මේ කවුද ?"
"අන්කල් මම තමයි මේ ඉස්කෝලෙට අලුතින් ආව සේපාලිකා මිස් ."
"ශික් ආයෙ අන්කල්ලු.අම්මපා මේ වෙලාවට තමයි මට හිතෙන්නෙ ගමට ගිහින් අඹුඩෙ ඇදන් කුඹුරු කොටන්න."ප්‍රින්සිපල් තමාට පමනක් ඇසෙන කුටු කුටු භාෂාවෙන් තමාටම කියාගන්නට විය .
"හරි හරි ඔය ඉස්සරහින් උඩට යන්න මිස්."
"තෑන්ක් යූ අන්කල්"
ඉස්කෝලේ වටේ රවුමක් ගිහින් ප්‍රිංසිපල් කාර්‍යාලයට ආවේ ටිකක් වෙලාවකින් ."මිස් සේපාලිකා එන්න."
සේපාලිකා මිස් උඩගියේ එවිටයි .දෙයියනේ මේ ප්‍රිංසිපල් ද.ශික් කවුද අප්පා හිතුවෙ දොඩම් ගෙඩි තුනක් තරම් උස ප්‍රිංසිපල් කෙනෙක් ඉදියි කියලා .දැං ඉතිං අහගනින්කෝ ලස්සනට .
"ඔව් සර්"
"එන්න මිස්.වාඩිවෙන්න"
"සර් ඇත්තටම මටසමාවෙන්න.මම හිතුවෙ සිකියුරිටි එකේ අන්කල් කෙනෙක් කියලා ."
අම්මපා මගෙත් ඔලුව හොද නෑ ශික් ඒකත් කියවුනානෙ .දැං නම් ඉතිං සර්ගෙ මූණ කුනු වෙච්ච
අල ගෙඩියක් වගේ.සේපාලිකා මිස්ට හිතුනේ කියවුනාට පසුවයි.
යකෝ ඒ ගමන සිකියුරිටි එකේ අන්කල් වගේලු.අම්මපා මූණ බලාගෙන කියන කතා.ප්‍රිංසිපල් සර්ට හිතුනත් මුකුත් කියන්න ගියේ නැත්තේ ආව පලමු දවස හන්දයි.
"මේ මිස්ගෙ ගෙවල් එහෙම කොහෙද."
"සර් මම කලවානෙ"
"හම් ගොඩාක් දුර"
"ඔව් සර්."
"හරි මේ මිස් එහෙනම් උසස් පෙල පංතියට යන්නකෝ."
"සර් මම ආපු අලුතනේ .සර්."
"අනේ බයවෙන්න එපා මිස්.මෙන්න කාල සටහන අද දවසට."
සේපාලිකා මිස් කාර්‍යාලයෙන් පිටට ආවේ උසස් පෙල පංතියට යාමටයි .
"මාර ෆිගර් එක බං අර බලපන්කෝ ,ඒ මරු බං,ලස්සන මිස් කෙනෙක් බං,
මොනාද දන්නෑ සබ්ජෙට් එක
දිදුන අර බලපන්කො බං අර,පිස්සු හැදෙනවා"
"නිකන් ඉදපල්ලා බං"
"යකෝ බූරුවෝ ටිකක් බලපන්,පොතේම ඉදලා තෝ පොත් ගුල්ලෙක් වෙයි."
"අලයෝ යමන් යමන්...."
"ගුඩ් මෝනින් මිස්"
"ගුඩ් මෝනින් ලමයි"
"ලමයි කොහෙද දොලහ ආට් ක්ලාස් එක."
"අම්මෝ මිස් ඒ පංතියද හොයන්නෙ"
"ඔව්"
"මිස් දිගටම ගිහින් වමට හැරිලා දකුනට යන්න."
"හරි "
"ශික් බූරුවා .ඇයි එහෙම කලේ බං පව්නෙ."
"අනේ පල ඕෆ් පීරියඩ් දෙක යමන් ක්‍රිකට් අතක් ගහන්න."
සේපාලිකා මිස්ට වෙන පංතියකට යන පාරක් කියා මුන් පිට්ටනියට මාරු විය .
කට්ටිය පිට්ටනියට වී ක්‍රිකට් සෙල්ලම් කරන බව දැක ප්‍රිංසිපල් සර් හිමින් හිමින් ඒ දෙසට එන්න විය .සෑහෙන්න වෙලාවක් පංතිය හොය හොය සේපාලිකා මිස් නැවත මේ පැත්තට එන්න විය .
මචං මචං අර අර අන්න අලුත් මිස් එනවා බං.අම්මෝ බං ලස්සන .......
කට්ටිය මිස් දිහාම බලන් ඉන්නට විය .
"ලමයි මොකද මෙතන ආ.කටත් ඇරගෙන.දවල් ඉගිලෙන කලාමැදිරියෝ හොයනවද?"
"නෑ සර් අපි මේ දවල්ට සේපාලිකා මල් පිපෙනවද කියලා බැලුවේ ."
අලයා කියා දැම්මේ ටිකක් ඈතට යන ගමන් මයි.
"දුවනවා පංතියට ."
ගහන්නට වේවැල උඩට ඉස්සුවත් ගුටි කන්නට නම් කිසිවෙක් ඉතිරි නොවීය .සේපාලිකා මිස් බිම බලාගෙන උසස් පෙල පංති කාම්බරයට ඇතුළු විය .ඒ දෙස බලා ආ ප්‍රිංසිපල් ගොම්බෙට්ටකට කකුල තබා ලිස්සා ගොස් බිම වැටුනේ කුණු වට්ටක්කා ගෙඩියක් වැටෙනවා වාගේ සද්දෙටයි.
"ශික් අම්මපා මටමයිනෙ මෙහෙම වෙන්නේ.මූණ පුරා ගොම ගාගෙන සුදු ශර්ට් එකේ කොල පාටට ගොම දැං ඉතිං කොහොමද උසස් පෙල පංතිය ලගින් කොවාටස් එකට යන්නේ."
බිම බලාගෙන එන ප්‍රිංසිපල් ගොම්බෙට් ෆේශල් එකක් දාලා කියලා දැක්කේ උසස් පෙල පංතියේ දනුකයා .
"යකෝ අන්න බලපන්කෝ ෆේශල් .අපේ සරුත් ගොම පාටට ෆේශල් දාලා ."
කට්ටියම පිට්ටනිය පැත්තට හැරුනේ ඉස්සරහට එන ප්‍රිංසිපල් දෙසයි.අම්මෝ යකෙක් වගේ ලස්සනට උදේ අපිට වේවැල දික් කල ප්‍රිංසිපල් ගොම නාලා.
ලමයි සේරම මේ පැත්ත බලන් ඉන්නවා.ශික් අම්මපා අලුත් මිස්ටත් මගේ ගොම මූණ හන්ගගෙන යන්න තිබ්බා නම්.බිම බලාගෙනම ඉක්මනට කොවාටස් එකට ඇවිත් නාගෙන ඇදුම් මාරු කරගෙන හිමින් කාර්‍යාලය වෙත මාරු විය .
"ආයුබෝවන් ලමයි.මම තමයි අද ඉදන් ඔයාලගෙ සිංහල මිස් ."
"ආයුබෝවන් මිස් "
දිදුන ඉස්සරහ බැලුවේ එවිටයි .ලස්සන මිස් කෙනෙක් .දිගැටි ඇස් .............. යාළුවන් මෙච්චර පිස්සුවෙන් කියෙව්වේ ඒකයි.කවදාවත් ගැහැනු ලමයෙක් දිහා නොබලන දිදුන ඒ ඇස් දෙසම බලන්න විය .
"බූරුවෝ වාඩිවෙයන්.යකෝ තොට කී සැරයක් කිව්වද බලපන් කියලා .දැං කන්න වගේ බලගෙන ඉන්නේ.වාඩිවෙයන්."
දිදුන මේ ලෝකයට ආවේ එවිටයි .පෑන අතට ගෙන යමක් ලියන්නට විය .
හිතම ගස්සන
දිගැටි ඇස් දෙක
දුටුව මගෙ හිත
ලගම නැවතුන
"ඉතිං ලමයි .මම සේපාලිකා අමරසිංහ .මේ මගේ පලවෙනි පත්වීම .මං හිතෙනවා ඔයාල මට උදව් කරයි කියලා.කියන්න බලන්න ඔයාලා නැගිටලා එක එක්කෙනාගෙ විස්තර ."
